ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ලග්ගල ප්රාදේශිය සභාවේ සභාපතිවරයා ඇතුලු පුද්ගලයින් අට දෙනෙකු ලග්ගල හත්තොටඅමුණ ලේල් ඔය ප්රදේශයේ මුදලට සුදු ක්රිඩාවේ යෙදි සිටිමින් සිටයදි අද (15දා) අලුයම 2.330ට පමණ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම පිරිස සූදු ක්රිඩාවේ යෙදි සිටින බවට ලැබුණූ තොරතුරු අනුව පුද්ගලයින් අත්අඩංගුවටගෙන ඇති අතර ඔවුන් සන්තතයේ තිබු රුපියල් විසිහතරදහසකට වැඩි මුදලක් ද තිබු ඇති අතර එම මුදල්ද පොලිස් භාරයට ගෙන තිබේ.
සභාපතිවරයා ඇතුලු අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් සන්තකයේ තිබු හෙරෝයින් ග්රැම් එකයි මිලිග්රැම් 221ක්ද සොයාගෙන ඇති අතර මෙම පුද්ගලයා ලග්ගල විල්ගමුව ප්රදේශවලට ගංජා ජාවාරමේ යෙදි සිටින “යකා“ නැමති අන්වර්ථ නාමයෙන් හදුන්වන අයෙකු බවද පොලිසිය කියයි.
සූදු ක්රිඩාවේ යෙදි සිටි සභාපතිවරයා ඇතුලු පිරිසට පොලිස් ඇප ලබා දිය හැකි බවත් ඒ සමග අත්අඩංගුවට ගත් යකා නැමති සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන බවද පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් ලග්ගල පොලිසිය වැඩිදුර පරික්ෂන පවත්වයි.
රත්තොට රුවන් ධනංජය