මැදපෙරදිග ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාවේ ගැඹුරු අවධානය යොමුව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඉරානයේ හමුදා නායකයෙකු ඇමෙරිකාව විසින් ඝාතනය කිරීමත් සමග මැදපෙරදිග උණුසුම්කාරී තත්ත්වයක් ඇතිව තිබේ.
සාමය හා ආරක්ෂාව තහවුරු වන ආකාරයෙන් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකාව සෑම පාර්ශ්වයකටම දන්වා සිටින බවත් සාකච්ඡා මාර්ගයෙන් කලාපයේ ස්ථාවරත්වය ඇතිකර ගැනීමට කටයුතු කරන ලෙසත් විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.