මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 254ක් ජීවත්වන ගම්මාන දෙකක් අද දින දහවල් සිට හුදකලා කළ ප්‍රදේශ බවට පත්කළ බව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය කියයි.
මැදගම ඉලුක්කුඹුර ග්‍රාම නිළධාරී වසමේ නිල්වලාගොඩ ගම්මානය හා 110, ඩී මැදගම මීගහවගුර ගම්මානය හුදකලා බවට පත්කර තිබේ.
මෙම ගම්මාන වලින් අහඹු ලෙස පුද්ගලයින් 73 දෙනෙකුට රැපිට් ඇන්ටිජන් පරික්ෂණය සිදුකිරීමෙන් පසු එයින් 56 දෙනෙකුට කොරෝනා
රෝගය වැළදී ඇති බවට තහවුරුවීමත් සමග ගම්මාන දෙක හුදකලා කර තිබේ.
රෝගය වැළදුන රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන සදහා යොමුකර ගම්මානයේ ජනතාවට පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.
ලුණුගල ප්‍රසන්න පත්මසිරි