මත්තලට එන ඉන්දීය අයෝජකයන් ගුවන්තොටේ නිරීක්ෂණයක?
මත්තල ගුවන් තොටුපළ බදු පදනම මත ලබාගැනීමට සූදානම් ඉන්දීය ආයෝජකයන් ඊයේ (03දා) පෙරවරුවේ මත්තල ගුවන් තොටුපොළේ නිරීක්ෂණයකට එක්ව ඇත.
මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්තයන්ද එක්ව තිබේ. මාධ්‍යයට වසන් කරමින් ඉතාමත් රහසිගත අන්දමින් මෙම නිරීක්ෂණ චාරිකාව සම්බන්ධීකරණය කර තිබූ බව වාර්තා වෙයි.
ගුවන් තොටුපළ බදු පදනමින් ලබාගත් පසු කටයුතු කළ යුතු ආකාරය පිළිබදව මෙහිදී තොරතුරු ගවේශණය කොට ඇත. මත්තල ගුවන් තොටුපළ ඩොලර් මිලියන 405 කට බදු පදනමක් යටතේ ලබාදීමට සූදානම් වී ඇත්තේ හෙක්ටයාර 2000ක ඉඩමද සහිතව බව වාර්තා වෙයි.
මත්තල ගුවන් තොටුපළ නිර්මාණය කිරීමේදී ගුවන් තොටුපලේ සැලසුම් අංශයේ අංශ ප්‍රධානියා විශාල සේවාවක් කළ අතර ඊයේ පැමිණි ඉන්දියානු නියෝජිතයින්ට ගුවන් තොටුපලේ විස්තර ලබා දීම සඳහා එම නිලධාරියාම යොදවා ගැනීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යයාංශය කටයුතු කර තිබුණි.
විශේෂ ලියුම්කරුවෙක් විසිනි




-
පෙරේරා Wednesday, 04 July 2018 11:54 AM
එන ගුවන්යානා ටිකත් හෙමිහිට නවත්තලා දාන කොට අපිට හිතුනා දෙවන කොටස මේක තමයි කියලා. අපිට සල්ලි හොයන්න බැරි උනාට වෙන රටවලට පුළුවන්. මේ ආන්ඩුව බේබද්දෙක්ට දෙවෙනි නෑ. එක පාර කියක් හරි මිටමොලවල දෙනවා නම් ඕනම දෙයක් විකුණයි. අඩුමගානේ අපේ මිනිසුන්ට රස්සා ටිකවත් ලැබුනොත් ලොකු දෙයක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

