මත්තල ආදායම ලක්ෂ 12 වියදම ලක්ෂ 2500
මත්තල මාසික ආදායම ලක්ෂ 12 ක් බවත් එහි වියදම ලක්ෂ 2,500 ක් බවත් බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
පුද්ගලයෙකුගේ නම ගෙනයන්න ආර්ථික වශයෙන් ප්‍රයෝජනයක් නැති තැනක ප්‍රකෝටි ගණන් ධනය නාස්ති කරනවා ද නැද්ද කියන එක ගැන රටේ ජනතාව තීරණය කළ යුතු බවත් ඔහු පැවසීය.
මහානගර අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මගින් බප/මතු/ සාලාලංකාරතිස්ස කනිෂ්ඨ විද්‍යාලයේ ඉදිකරන ලද පුස්තකාල ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව පැමිණ සිටි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය.
"මත්තල මාසික ආදායම ලක්ෂ 12යි. වියදම ලක්ෂ 2500 යි. මත්තල නිසා අපේ රටේ සෑම පුරවැසියෙක්ම රුපියල් 800 ක් ගෙවා තිබෙනවා. නිසි අධ්‍යනයකින් තොරව කටුනායක හදන්න තිබූ දෙවන ගුවන්තොටුපල මත්තලට ගෙනිහින් තමන්ගේ මූණත් තහඩුව ගසා ගැනීම තමයි සිදු කළේ.
මේක සම්බන්ධයෙන් රජය සාකච්ඡා කරමින් යනවා. අයිතිය රජය සතුව තිබියදී එහි පාලනය භාරදීමට හැකි දැයි සොයාබලමින් සිටිනවා. තවම අවසන් නිගමනයකට පැමිණිලා නැහැ.
රටේ ජනතාව තීරණය කළ යුතුයි පුද්ගලයෙකුගේ නම ගෙනයන්න කිසිම ආර්ථික වශයෙන් ප්‍රයෝජනයක් නැති තැනක ප්‍රකෝටි ගණන් ධනය නාස්ති කරනවා ද නැද්ද කියන එක ගැන. දැනට කටුනායක ගුවන්තොටුපලේ ආදායමත් යන්නේ මත්තල නඩත්තු කරන්න" යැයි පැවසීය.

popular news
-
Hemantha Monday, 30 July 2018 02:47 PM
ඕව තේරුම් ගන්න පුළුවන් මිනිස්සු ඉන්නේ කීප දෙනඊ.
Reply : 1 1
Champa Monday, 30 July 2018 06:33 PM
ඇත්තට. එතකොට ඉන්දියාව ඇයි ඔච්චර පාඩු ගුවන් තොටුපලක් ගන්නේ? දාන පාරමිතාව පුරන්නද? තව අවුරුදු එකහමාරක් විතරක් පවතින ආණ්ඩුවකට අයිතියක් නැහැ රටේ සම්පත් විකුනන්න. රටේ අනාගතය අවුල් වෙන විදිහේ තීරණ ගන්න. වහල් ආණ්ඩුවට තව එක ණය වාරිකයයි ගෙවන්න තියෙන්නේ. ඒක් ගෙවල ඕගොල්ලෝ ගෙදර යන්න. ඊළඟට එන මිනිහ බලා ගනියි මත්තල ගැන.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

