මාතලේ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ මින් ඉදිරියට ගවමස් අලෙවි කිරිම සඳහා අලුතින් බලපත්‍ර ලබා නොදෙන බවට වු යෝජනාවක් අද (10දා) පැවති මාසික මහ සභා රැස්වීමේදි ඒකමතිකව සභා සම්මත විය.
සභාපති (ශ්‍රි ලං.පො.පෙ) කපිල බණ්ඩාර හෙන්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ පලාපත්වල පිහිටි සභා රැස්විම් ශාලාවේදි මාසික සභා රැස්විම පැවැත්විනි.
මාතලේ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ මඩවල උල්පත කැටවල ප්‍රදේශයේ එළ ගවමස් කඩයක් දැමිම සඳහා බලපත්‍රයක් ලබා දෙන ලෙස ඉල්ලා සභාව වෙත යොමු කර තිබු ලිපියක් සාකච්ඡාවකට ගත් අවස්ථාවේදි මෙම යෝජනාව සිදු කෙරුණි.
මෙහිදි මෙම යෝජනාව ගෙන එමින් අදහස් දැක්වු මන්ත්‍රි (ශ්‍රි ලං.පො.පෙ) වසන්ත ජයවර්ධන මහතා කියා සිටියේ අගමැතිවරයා විසින් මස් පිණිස ගවයින් ඝාතනය කිරිම නවතා දැමිමට තිරණයක් ගෙන ඇති බවත් ඒ තත්වය මත සභාවක් ලෙස මෙවැනි තිරණ ගැනීම යෝග්‍ය නොවන බවය.මේ නිසා බල ප්‍රදේශයේ මස් සඳහා ගවයින් ඝාතනය කිරීම සහ මස් අලෙවි කිරිමට නව බලපත්‍ර ලබා නොදිය යුතු බවට වු යෝජනාවක් තමන් විසින් ගෙන එන බවද ජයවර්ධන මහතා පැවසිය.
යෝජනාව ස්ථිර කරමින් කතා කළ උප සභාපති (ශ්‍රි ලං.පො.පො) ටි.ජි දිසානායක මහතා කියා සිටියේ පළමුවෙන් ඉල්ලන්නේ එළ ගවයින් මරන්න.පස්සේ මි හරකුත් මරනවා.ඒ නිසා අලුතින් මස් කඩ දැමීම සදහා ඉඩ ලබා දිය නොහැකි බවය.
අදහස් දැක්වු විපක්ෂ නායක(එ.ජා.ප) ගාමිණි කොස්තා මහතා ප්‍රකාශ කළේ අගමැතිවරයා විසින් ගෙන ලැබු තිරණය ෆෙස්බුක් මගින් දක්නට ලැබුණු බවත් එය නිත්‍යාණුකුල භාවය පිළිබදව විමිසිමට ලක් විය යුතු බවත් සභාවක් ලෙස අප මේ පිළිබදව අලුතින් බල පත්‍ර ලබා නොදෙන බවද පැවසිය.
සභාපති කපිල බණ්ඩාර හෙන්දෙණිය මහතා කියා සිටියේ සභා බල ප්‍රදේශයේ අලුතින් මස් කඩා සඳහා බල පත්‍ර ලබා නොදිමට මිට පෙරද තිරණයක් ගෙන ඇති බවත් සභාවේ සම්මත වු පරිදි අලුතින් බලපත්‍ර ලබා නොදිමට තිරණය කර ඇති බවය.
රත්තොට රුවන් ධනංජය