මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රජා ජල ව්‍යාපෘති මගින් ලබාදෙන ජලය සියයට 78ක ප්‍රමාණයක් අපිරිසිදු තත්ත්වයේ ඇති බව අද 15දා පැවති මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදි අනාවරණය විය.
මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරුන් වන මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතාගේ සහ පාර්ලිමෙන්තු මන්ත්‍රි නාලක කොට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්විමේදි මෙම කරුණු අනාවරණය විය.
ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරිත්වය පිළිබදව අදහස් දැක්විමේදි මෙම කරුණු අනාවරණය විය.
මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය මගින් මෙම ජල ව්‍යාපෘතිවල තත්ත්වය පිළිබදව ලබා දුන් වාර්තාවක් සාකච්ඡාවකට ගත් අවස්ථාවේදි මෙම කරුණු අනාවරණය විය.
එහිදි කමිටුවේදි අනාවරණය වුයේ ව්‍යාපෘති 147ක් පරික්ෂා කළ බවත් ඉන් 116ක් ජලය බිමට නුසුදුසු තත්ත්වයේ ඇති බවය.
මාතලේ මහ දිසාපති කරුණාසිරි පෙරේරා මහතා මෙහිදි කියාසිටියේ සියයට 78ක් නොව සියයට 83ක් විතර බිමට නුසුදුසු තත්ත්වයේ පවතිනවා. තමා වෙත මෙම ප්‍රජා ජල ව්‍යාපෘති මගින් සිදු කරන ජලය බෙදාහැරිම් පිළිබදව පැමිණිලි ලැබුණු බවත් ඒ අනුව සෞඛ්‍ය අංශ මගින් සිදු කළ පරික්ෂණ මගින් මෙම තත්ත්වය මතු වු බවය. මෙම ජල සමිතිවල සභාපතිවරයාට සහ ලේකම්වරයාට අවශ්‍ය දේවල් සිදු කරන්නේ. මෙහි අධික්ෂණ කටයුතු සිදු කළ යුතු බවද පැවසිය.
මෙහිදි අදහස් දැක්වු පාර්ලිමෙන්තු මන්ත්‍රි රෝහණ දිසානායක මහතා කියා සිටියේ ග්‍රාමිය ප්‍රදේශයන්හි පවතින ජල අවශ්‍යතාවයන් සපුරාලිම සදහා මෙම ජල ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවු බවත් මෙම ව්‍යාපෘතිය මගින් දිස්ත්‍රික්කයේ ප්‍රජා ජල ව්‍යාපෘති 223ක් ඇති බවද ඒ අතුරින් 108ක් අක්‍රිය තත්ත්වයේ පසුවන බවද පසුගිය කාලයේදි දේශපාලනිකරණ සිදුව ඇති බවද දිසානායක මහතා පැවසිය.