මාතලේ මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්රිවරයෙකුට පහරදිමේ සිද්ධියකට සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා රුපියල් ලක්ෂය බැගින්වු ඇප දෙකක් මත මුදාහැරිමට මාතලේ මහේස්ත්‍රාත් ඉන්දික අත්තනායක මහතා විසින් අද (09) දින නියෝග කළේය.
නගරාධිපතිවරයා හා ඔහුගේ රියදුරු ලෙස කටයුතු කරනු ලබන පුද්ගලයෙකු විසින් මාතලේ නගරයේදී නුගගහමුල බස් නැවතුම් පළ අසලදි එම් මොගන් නැමති නාගරික මන්ත්‍රිවරයාට පහරදුන් බවට මාතලේ පොලීසිය වෙත එම නාගරික මන්ත්‍රිවරයා විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව නගරාධිපතිවරයාව හා ඔහුගේ රියදුරු සැකපිට අද (09) දින අත්අඩංගුවට ගෙන මාතලේ අධිකරණයට ඉදිරිපත් කළේය.
නගරාධිපතිවරයාගේ රියදුරු ලෙස කටයුතු කරනු ලබන පුවන කුමාර නැමති පුද්ගලයා හා පහරකෑමට ලක්වු බව කියන නාගරික මන්ත්‍රිවරයා අතර ඇතිවු බහින්බස් විමක් දුරදිග යාම හේතුවෙන් මෙම පහරදිම සිදුව ඇති බව පොලීසියට ලැබුණු පැමිණිල්ලට අනුව මොවුන් අත්අඩංගුවට ගැනිමට කටයුතු කර තිබේ .
පහර කැමට ලක්වු නාගරික මන්ත්‍රිවරයා මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකර ලබයි.
මාතලේ පොලිස් අධිකාරි එස් පි සන්දනායක මහතාගේ උපදෙස් පරිදි මාතලේ පොලිස් ස්ථානාධිපති චානක ද සිල්වා මහතාගේ මෙහෙයවිමෙන් මෙම අත්අඩංගුවට ගැනිම සිදුව ඇති අතර සිද්ධියට අදාළ සැකකරුවන් මාතලේ අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනාට රුපියල් ලක්ෂය බැගින් වු ශරිර ඇප 4ක් මත මුදාහැරිමට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර ඇත.
මාතලේ - රවින්ද්‍ර විරාජ්