ග්රාමශක්ති ජනතා ව්‍යාපාරයේ බස්නාහිර පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම අද (18දා) පෙරවරුවේ විළිඹුල, හේනේගම ප්‍රදේශයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එම අවස්ථාවට හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද එක්ව සිටියාය. ගම්පහ, කොළඹ සහ කළුතර දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් එම දිස්ත්‍රික්ක තුළ ග්රාමශක්ති වැඩසටහන ක්‍රියාත්මක වන අන්දම සහ ඉදිරි වැඩපිළිවෙළ පිළිඳ ඉදිරිපත් කිරීම් සිදු කළහ.
පළමු වතාවට ග්රාමශක්ති සමිති දෙකක් අතර ගිවිසුමකට අත්සන් තැබීම ද මෙහිදී සිදු විය. ඒ අනුව අවිස්සාවේල්ල පුවක්පිටිය දකුණ ග්රාමශක්ති සමිතිය ලංකා හෙළ ඔසු පැන් ග්රාමශක්ති සමිතිය සමග කොළ නිෂ්පාදන අඛණ්ඩව ලබා ගැනීම පිළිබදව ගිවිසුමකට එළැඹිණි.
මෙම අවස්ථාවට අමාත්‍ය ජෝන් අමරතුංග, රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, ලසන්ත අලගියවන්න, හර්ෂණ රාජකරුණා, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි, ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය යන මහත්වරුන් ද අමාත්‍යාංශ ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් පළාත් ප්‍රධාන ලේක්ම්වරුන් සහ රාජ්‍ය නිලධාරින්, ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුථ පිරිසක් මෙම මෙහෙයුම් කමිටු රැස්වීමට එක්ව සිටියහ.