මත්ද්‍රව්‍ය වලට උල්පන්දම් දෙන ඇතැම් දේශපාලඥයොත් ඉන්නවා යැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසිය.
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ රුපියල් මිලියන 500 වියදමින් ඉදිකිරීමට නියමිත වැලිමඩ නව අධිකරණ සංකීර්ණය සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට අද (31) පෙරවරුවේ එක්වෙමිනි.
එහිදී තවදුරටත් අදහස් දක්වමින් එතුමිය සඳහන් කළේ,
මේ දැන් දුරකතන ඇමතුමක් ආවා වැලිකඩ බන්ධනාගාරයට සැරයන්වරයෙකු හෙරෝයින් අරන් ගිහිල්ලා, අහුවෙලා කියලා. අද බන්ධනාගාරයේ ඇතුලේ ඉඳලා ජාවාරම් කරන්න ඔවුන්ට අවස්ථාව ලැබිලා තියෙනවා. අපි දේශපාලඥයෝ ගෙදර යන්න පුළුවන් අපි ඕනිවෙලාවක ගෙදර යන්නත් ලැහැස්තියි. ඒත් අපි රට වෙනුවෙන් හරි දේ කරන්න ඕනි.
අද දවසේ අපේ කාර්යය භාරය කරන්න ඕනි, අපි ශක්තිමත් වැඩ පිළිවෙලක් කරගෙන ආවා, ඒක ඔක්තෝම්බර් 26 වෙනිදා අපිව එලවන්න ආපු හින්දා පොඩ්ඩක් අඩපණ උනා. ඒ වැඩපිළිවෙල නැවතත් ආරම්භ කරලා තියෙනවා. මත්කුඩු ජාවාරම ගැන අද සමාජය හුගක් දැනුවත් අද මුහුදු යන ධීවරයකුටවත් සැනසිල්ලේ යන්න නැහැ. මොකද මේ මත්කුඩු ප්‍රවාහනය මුහුද හරහාත් වෙනවා. අපි නැහැ කියන්නේ නැහැ මේවාට උල්පන්දම් දෙන ඇතැම් දේශපාලඥයොත් ඉන්නවා යනුවෙනි.