2019-2020 වසර සදහා ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කර මේ මස 11 දිනට මාසයක් ගත වි ඇති බවත්, එම කාලය තුළ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාද වන්දනාවේ පැමිණි තරුණයන් 150 දෙනෙකු පමණ සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බව හැටන් පොලිස් අධිකාරි චුලනි විරරත්න මහතා පැවසිය.
දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට එම කාලය තුළ හෙරොයින් , අයිස් , කේරළ ගංජා , ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි, නිතිවිරෝධි දුම්වැටි, මත්පෙති රැගෙන පැමිණි තරුණයන් මෙසේ අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත්තේ.
හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද සැකකරුවන් 110 දෙනෙකු වරද පිළිගෙන ඇති නිසා ඔවුන්ට දඩ මුදල් නියම කර මුදා හැර ඇති අතර , එසේ මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි තවත් තරුණයන් 40 දෙනෙකුට එරෙහිව මේ මස 21 දින අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට කටයුතු කරන බවයි හැටන් පොලිස් අධිකාරිවරයා කියා සිටියේ.
හැටන් පොලිස් කොට්ඨාස දුෂණ මර්දන ඒකකය , හැටන් පොලිසිය , නල්ලතන්නිය පොලීසිය , මස්කෙළිය පොලීසිය මෙසේ මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි තරුණයන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබු බවත්, ශ්‍රිපාද වන්දනාවේ මත්ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වලකින ලෙසට කර ඇති ඉල්ලිමට පටහැනිව කටයුතු කරමින් තවදුරටත් මත්ද්‍රව්‍ය රැගෙන එන වන්දනාකරුවන් අත්අඩංගුවට ගැනිමට විශේෂ සොදිසි මෙහෙයුමක් තවදුරටත් ක්‍රියාත්මක කරන බවයි පොලිස් අධිකාරිවරයා කියා සිටියේ.
ශ්‍රිපාද වන්දනාවේ මත්ද්‍රව්‍ය රැගෙන එන වන්දනාකරුවන්ට කිසිදු සමාවක් පොලීසිය විසින් ලබා නොදෙන බවද පොලිස් අධිකාරිවරයා තරයේ කියා සිටියහ.