මත්ද්‍රව්‍ය රැගෙන හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයන් 17 දෙනෙකු (16) දින පස්වරුවේ හැටන් කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
හැටන් කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් (16) දින පස්වරුවේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේදි සිදු කල හදිසි පරික්ෂාවකදි මෙම තරුණයන් 17 දෙනා සන්තකයේ කේරල ගංජා, අයිස් මත්ද්‍රව්‍ය සහ ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි සන්තකයේ තබා ගැනිම චෝදනාව යටතේයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරුවන් ගාල්ල, මාතර, කොළඹ , ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් ඔවුන් අවුරුදු 25-30 වයස් කාණ්ඩවල පසුවන අය බවයි මෙම වැටලිම සිදුකල නිලධාරීන් කියා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.