මතුගමින් ඔවිටිගලින් තවත් කොරෝනා ආසාධිතයන් 04 ක්,වලල්ලාවිට ගුලවිට ප්‍රදේශයෙන් එක් අයෙක් සහ කළුතර නාගොඩ ප්‍රදේශයෙන් දෙදෙනෙකු හා පයාගල ප්‍රදේශයෙන් එක් ආසාධිතයෙකුඊයේ දිනයේ (20) වාර්තාවූ බවත් ඒ අනුව මේ වනවිට කළුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාධිතයන් 53 දෙනෙකු වාර්තාවී ඇති අතර මතුගමින් වාර්තාවූ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 30 ක් දක්වාද වලල්ලාවිට 2 ක් ලෙසද ඉහල ගිය බව බව සෞඛ්‍ය අංශ පවසයි.
දැනට හුදකලා කර ඇති මතුගම ඕවිටිගල විහාරස්ථානයේ උපස්ථායෙකයෙකු ලෙස කටයුතු කල අයෙකුත්,බදුගම නව ජනපදයේ ලියන්කන්ද ප්‍රදේශයේ වයස අවුරුදු 4 ½ ක දැරියක සහ තවත් කාන්තාවන් දෙදෙනෙකුද ,මතුගම පෞද්ගලික බැංකුවක සේවය කරන නාගොඩ 6 වන මාවතේ පදිංචි කාන්තාවක්,හා නාගොඩ විජිත මාවතේ පදිංචි කාන්තාවක් සහ පයාගල පදිංචි පුද්ගලයෙකු මෙන්ම වලල්ලාවිට ගුලවිට පදිංචි කොළඹ ඩොක්යාඩ් ආයතනයේ සේවය කරන අයෙකුද මෙසේ කොරෝනා ආසාධිතයන් ලෙස හඳුනා ගෙන ඇත.
ඊයේ දිනයේද මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් පී.සී.ආර්.පරීක්ෂණ සිදුකල අතර ඊයේ වනවිට මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ පවුල් 200 ක පුද්ගලයන් 850 ක් පමණද,වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ පවුල් 123 ක පුද්ගලයන් 479 ක් පමණද,අගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ පවුල් 60 ක පුද්ගලයන් 256 ක් පමණද,නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇත.
බන්දුතිලක තඹවිට මතුගම්