නිවසක් කුලීපදනම මත ලබාගෙන මත්කුඩු ජාවාරමේ යෙදුණු කාන්තාවක් ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු රුපියල් ලක්ෂ හයකට අධික වටිනා හොරොයින් මත්කුඩු සමග පයාගල, පහල ගොඩ, ගොඩැල්ල වත්ත, ප්‍රදේශයේදී 4 අත්අඩංගුවට ගත් බව පයාගල පොලිසිය කියයි
අත්අඩංගුවට පත් වූවන් අතර ප්‍රධාන සැකකරුගේ අනියම් බිරිද සහ මත් කුඩු බෙදා හැරීමේ නිරත පුද්ගලයන් දෙදෙනකු ද වන බව පොලිසිය කියයි
එම සැකකරුවන් සමග මත්කුඩු ග්‍රෑම් තිස් දෙකක් ,ජංගම දුරකථන හතරක් ,ඒටීඑම් කාඩ්පත් තුනක් සහ මන්නයක් පොලිස් භාරයට ගෙන ඇත .
මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ පුද්ගලයෙක් කුලී පදනම මත නිවසක් ලබාගෙන අනියම් බිරිඳ සමග එක්ව මත්කුඩු ජාවාරමේ යෙදෙන බවට පයාගල පොලිසියේ පොලිස් සැරයන් 44 839 දුමින්ද මහතාට ලද තොරතුරක් අනුව වැටලීම කළ බව පොලිසිය කියයි
වැටලීම සිදුකරන අවස්ථාවේදී නිවසේ කාමරයක් තුළ සැකකාරිය ඇතුළු පුද්ගලයන් හතර දෙනා මත්කුඩු පැකට් කිරීමට සූදානම් වෙමින් සිටි බව පොලිස් නිලධාරියෙක් පැවැසීය
ප්‍රධාන සැකකරුගේ ජංගම දුරකථන ට ලැබෙන ඇණවුම් අනුව මත්කුඩු වෙළඳාම කාලයක සිට සිදු කර ඇතැයි පොලිසිය කියයි
ප්‍රධාන සැකකරු මත්කුඩු පානයට ද දැඩිව ඇබ්බැහිව සිටි බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වයස අවුරුදු 30 වන අතර ඔහුගේ අනියම් බිරිඳ වයස අවුරුදු 42ක් තැනැත්තියක් බවත් සෙසු සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 25 හා 27 පසුවන්නන් ය
සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි
බිමල් ශ්‍යාමන් ජයසිංහ