ඉකුත් මැතිවරණයේදී පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ මැතිවරණ ප්රකාශනය පැහැදිලිව මත්උවදුර කප්පම් හා පාතාලය සම්පූර්ණයෙන් මර්දනය කරන බවට ඇති බවත් ඒ අනුව එය මැඩළීම ප්‍රායෝගිකව ඇත්තක් බවට පත්ව ඇති බවත් ඒය නොකළොත් ජනතාව අපිට දෝෂාරෝපණය කරන බවත් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි .
අමාත්‍යවරයා ඒ බව පවසා සිටියේ මහනුවර පැවති උපාධි ප්‍රදානෝත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි .
එහිදී ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ දහනම වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් අහෝසි කරන බවට ඉකුත් මැතිවරණ පොරොන්දුවේ පැහැදිලිව සඳහන්ව තිබෙන බවත් ගෙන ඒමට නියමිත විසිවැනි සංශෝධනය නියෝජිත ප්රජාතන්ත්රවාදය යටතේ පාර්ලිමේන්තුව තුලදීත් මාධ්‍යවේදීන්ටත් එය විවේචනය කිරීමේ හා අදහස් දැක්වීමේ අවස්ථාව තිබෙන බවත් එහි අවසාන තීන්දුව ගනු ලබන්නේ පාර්ලිමේන්තුවේ දී බවත්ය .
විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සකස් කරනු ලබන්නේ ලංකාවේ නම් දැරූ ජනාධිපති නීතිඥයන් , අධ්‍යාපන ක්ෂේත්රයේ ප්‍රවීණයන් , මෙන්ම මෙරට මුල් පෙළේ වෘත්තියවේදීන් කණ්ඩායමක් විසින් බවද ඒ මහතා අවධාරණය කළේය .
එහි යම් යම් සංශෝධන විය යුතු නම් එය ඉදිරි කාලයේ සිදු වනු ඇති බවත් වැඩිදුරටත් ඒ මහතා අවධාරණය කර සිටියේය.