බිලියන 1.2ක කුඩු ජාවාරම මෙහෙයවූයේ මරණීය දණ්ඩනය නියම වූ අයෙක්
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ඊයේ (07දා) ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගන්නාහෙරොයින් කිලෝග්‍රෑම් 103ක ප්‍රමාණය මරණීය දණ්ඩනය නියම වී තිබෙන සුසෙයි නමැත්තෙකු විසින් මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමකට අයත් බවට හෙළි වී තිබේ.
ධර්මරාජා සුසෙන්ද්රන් නොහොත් සුසෙයි නමැත්තා 2013 වසරේදී හෙරොයින් කිලෝග්‍රෑම්02 ග්‍රෑම් 250ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.
මේ අනුව සැකකරුට කොළඹ මහාධිකරණය විසින් 2017 වසරේ මාර්තු 30 වැනිදා මරණ දඬුවම නියම කර තිබේ.
මරණ දඬුවම නියම වූ සුසෙයි නමැත්තා වැලිකඩ බන්ධනාගාරය තුළ සිට මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර තිබෙන බවට හෙළි වී ඇත.

popular news
-
Champa Sunday, 08 July 2018 05:17 PM
හුඟක් ලැජ්ජා වෙන්න ඕනේ ඔය කතාව කියන්න. පොලීසියට නැත්ද ඔත්තු සේවයක්? නැත්නම් අර පාරේ වාහන එලවන රියදුරෝ කියන නරක වචන අහන් ඉඳල ජනාධිපතිතුමාට කේලම් වාර්තා කරන තැනට demote කරලා තියන රාජ්‍ය ඔත්තු සේවයේ සහයෝගය ගන්න.
Reply : 0 2
dinesh Sunday, 08 July 2018 05:49 PM
මේ අය කොහොමද සිරගෙදර සිට මේ නීතිවිරෝදී වැඩ කරන්නේ ? මේ අයට දුරකථන පහසුකම් සලසන්නේ කව්ද? සිරකරුවන්ට ජංගම දුරකථන භාවිතයට අවසරදී තිබෙනවද සිරගෙදර සිට?
Reply : 0 1
chathuri Sunday, 08 July 2018 08:52 PM
මරණ දණ්ඩනය ලැබුන කෙනෙක් කොහොමද. දුර කතන පාවිච්චි. කරන්නේ මරණ දණ්ඩනය දෙන්න බැරිනම් කොටි 12 කුඩු. උට බොන්න. දෙන්න. වැඩේ. ඉවරයි කුඩු විකුනන්න. උන්ට. ඒ කුඩු අසුවුනම උන්ටම පොවන්න.
Reply : 0 1
siri abeygooneratne Monday, 09 July 2018 01:24 PM
මොකටද තියාගෙන ඉන්නේ එල්ලලා මරන්නේ නැතුව, කොපමණ තරුණ ජීවිත නැතිවෙනවද මේ අය නිසා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

