බිනර පුන් පොහොය අදයි

බිනර පුන් පොහොය අදට (24) යෙදී තිබේ. බිනර පුන් පොහොය දිනය මුළුමහත් ලෝකවාසී කාන්තා පාර්ශ්වයට විශේෂ වූ පොහොය දිනයක් ලෙස හැඳින්විය හැකි අතර, බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩ වෙසෙන සමයේ .මහ ප්රජාපතී ගෝතමී. දේවිය හා .රෝහිනී. නදී තීරයේදී පැවිදි වූ කුමාරුවන්ගේ භාර්යාවන් 500 දෙනෙකු කසාවත් හැඳ හිසකෙස් සිඳ “කිඹුල්වත්” පුරයේ සිට “විශාලා” මහනුවර දක්වා පැමිණ .අෂ්ට ගරු ධර්ම. පිළිගත් පසු, මුල්වරට භික්ෂුණී ශාසනය පිහිටුවීමට වදාලේ මෙම පුන් පොහොය දිනයේදීය.
බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන්ට ධර්මය දේශනා කොට බුද්ධත්වයෙන් පසු ලැබූ පළමු වස්සාන ඍතුව බරණැස් නුවර ඉසිපතනාරාමයේ වැඩ වාසය කළ අතර, මහා සංඝරත්නයේ බිහිවීමත්, ධර්ම ප්රචාරයේ ආරම්භයත් මේ කාළය තුළදී සිදු වී ඇති බවට පැරණි පොතපතෙහි සඳහන් වේ.
සියලු ශ්රී ලාංකිකයන්ට මෙම උතුම් පොහොය දිනය වැදගත් වන්නේ, “තපස්සු – භල්ලුක” වෙළෙඳ දෙබෑයන් විසින් ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද “ගිරිහඬු සෑය” ඉදිකිරීමේ කටයුතු ද, බුදුන් වහන්සේගේ “ලලාට ධාතු” තැන්පත් කර ඇති “සේරුවාවිල මංගල මහා සෑය” ඉදිකිරීමේ කටයුතු හා එහි වාර්ෂික පින්කම පවත්වන්නේද මෙම උතුම් පොහෝ දිනයේදී වීම නිසාය.
popular news
-
Champa Monday, 24 September 2018 04:52 PM
බිනර පුන් පොහොය දිනය බෞද්ධයනට හුඟක් වැදගත් දවසක්. මේ ප්රවෘත්තියේත් කියන විදිහට මහා සංඝ රත්නය සහ ධර්ම ප්රචාරයේ ආරම්භය ඒ වගේම භික්ඛුණි සාසනය පිහිටෙව්වෙත් මේ පොහොය දවසේ. මම හිතනවා ධර්ම ප්රචාරය අතින් අපි දැන් හුඟක් පසුපස ඉන්නේ කියලා. බොරු බණ කියන තැනට භික්ෂුන් පත් වෙලා තියෙන්නේ ඒකයි. මේ ළඟදී මල්වතු මහනායක හාමදුරුවෝ බුදුරජාණන්වහන්සේ ගැන සහ බුදුදහම ගැන වැදි බණ කියපු හාමුදුරු පිරිසක් ගෙනල්ල තදින් අවවාද කළා දැක්ක. ටිකක් පහුවෙලා වුනත් ඒ කරපු දේ සාසනයේ චිරස්ථිය උදෙසා කරපු ඉතාම හොඳ දෙයක්. අපි මහනායකහිමිවරුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ සාසනයට මේ වගේ සේවයක්. අනිත් පැත්තෙන් මල්වතු මහනායකහිමියන්ට පිළිවන් නම් පිටදූව හාමුදුරුවන්ට අවවාද කරන්න නැවත වතාවක්. තමන් රහතන් වහනේසේ කෙනෙක් කියල ගිහියන්ව මුල කරනවා. ඒ වගේම ඒ හාමුදුරුවෝ තව හාමුදුරු කෙනෙක් ගැන ලියපු ඉතාම අපහාසාත්මක ලිපියක් දැක්ක. අනිත් හාමදුරුවෝ කිරිබත්ගොඩ හාමුදුරුවෝ මොන නිකායේද කියලා මම දන්නේ නැහැ. මේ හාමුදුරුවරු දෙන්නටම අවවාද කරන්න ඕනේ මේ විවාදය සහ මඩගසා ගැනීම් නවත්තන්න කියලා. ප්රචාරය දෙන්න ඕනේ ධර්මයට මිසක් පුද්ගලයන්ට නෙමෙයි කියලා කියල දෙන්න ඕනේ.
Reply : 0 0
Champa Monday, 24 September 2018 04:58 PM
මේ දාල තියෙන පින්තූරේ කොහෙන්ද දන්නේ නෑ නේද ගත්තේ? මම දන්න විදිහට නම් බුදුහාමුදුරුවන්ගේ ඇස් මේ වගේ ලොකු නැහැ. ඉතාම නිවුණු අඩවන් වුනු මෛත්රිය පිරිණු දෑසක් බුදුහාමුදුරුවන්ට තියෙන්නේ කියල තමයි මම හැම තැනම දැකල තියෙන්නේ. මේ පින්තූරේ බලපු ගමන් ඒ වෙනස පේනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

