නව වසර ආරම්භ වීමට පෙර පාසල් දරුවන්ට අවශ්‍ය සියලු පෙළපොත් ලබාදෙන බවට අධ්‍යාපන බලධාරීන් සඳහන් කළද, ඊයේ (02දා) දිනය වනවිටත් බොහෝ පාසල්වලට ලැබී තිබුණු පෙළපොත් අවශ්‍යතාවෙන් 80%ට අඩු ප්‍රමාණයක් බව ගුරු විදුහල්පති සංගම් සඳහන් කරති.
මීට අමතරව නිල ඇඳුම් වවුචර් සියලු පාසල් වෙත ලබාදෙන බවට පොරොන්දු වී තිබුණද, බස්නාහිර පළාතේ බොහෝ පාසල්වලට නිල ඇඳුම් වවුචර් ඊයේ (02දා) දිනය වනවිටත් ලැබී නොතිබූ බවද එම සංගම් නියෝජිතයෝ පෙන්වා දෙති.
පාසල් ආරම්භක දිනයේදීම පෙළපොත් අවශ්‍යතාව සම්පූර්ණ කරන බවට අධ්‍යාපන බලධාරීන් පොරොන්දු වී තිබුණද, එම කටයුතු සිදුනොවූ බවත්, බොහෝ පාසල්වලට 15෴ත් 20෴ත් අතර පෙළපොත් අවශ්‍යතාවක් තිබෙන බවත් ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය සඳහන් කරයි.
මේ නිසා ගුරුවරුන් විදුහල්පතිවරුන් අපහසුතාවන්ට පත්වූ බවත්, දරුවන්ට අසාධාරණයක් සිදු වූ බවත් එම සංගමයේ සභාපති මොහාන් වීරසිංහ මහතා පැවසීය.
පොරොන්දු වූ ආකාරයට පෙළපොත් අවශ්‍යතාව සම්පූර්ණ කරන ලෙසත්, බස්නාහිර පළාත් පාසල්වලට කඩිනමින් නිල ඇඳුම් වවුචරයක් ලබාදෙන ලෙසත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජොසප් ස්ටාලින් මහතා පවසා සිටියේය.