බස්නාහිර පළාත් සභාවේ රු.මි.37ක වංචාවක්?
බස්නාහිර පළාත් සභා රැස්වීම පැවැත්වෙන සම්මන්ත්රණ ශාලාවේ ආරක්ෂක කැමරා හා ශබ්ද විකාශන යන්ත්‍ර පද්ධතිය ස්ථාපිත කිරීමේදී රුපියල් මිලියන තිස්හතක වංචාවක් සිදුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
මේ හේතුවෙන් සභාව කල්තැබීමේ හදිසි ප්‍රශ්නයක් ලෙස අද (21දා) සභාවට යෝජනාවක් ඉදිරිපත් කරන බව එම පක්ෂයේ පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා සඳහන් කළේය.
අදාළ පද්ධතිය සවිකිරීම සඳහා රුපියල් මිලියන හැත්තදෙකක ටෙන්ඩරයක් ඉදිරිපත්ව තිබියදී,රුපියල් මිලියන 109ක් ඉදිරිපත් කළ ටෙන්ඩරයට එම කටයුතු ලබාදීම හේතුවෙන් මෙම පාඩුව සිදුව ඇතැයිදහෙතෙම පවසා සිටියේය.
මීට අමතරව මහල් 15කින් සමන්විත ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා වියදම් කළ මුදල කෙතරම්ද යන්න සංඛ්‍යාලේඛන නොමැති බවත්,එබැවින් අදාළ මුදල් පිළිබඳ තොරතුරු බස්නාහිර පළාත් සභාවට ඉදිරිපත් කරන ලෙස ඊයේ (20දා) බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බවද මන්ත්‍රීවරයා පැවසීය.
ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා 2014 වසරේ සිට වසරින් වසර මුදල් වෙන්කර තිබෙන බවට තොරතුරු ලැබී ඇතැයිද හෙතෙම ප්‍රකාශ කළේය.

popular news
-
Champa Tuesday, 21 August 2018 07:28 PM
Enough is enough!!!!! බස්නාහිර පළාත් සභාව වහාම විසුරුවා හැරිය යුතුයි.
Reply : 0 0
A.R.Weerasena Wednesday, 22 August 2018 05:26 AM
මේවා හදන්නේ ජනතාවට සේවය කරන්න නොවේ. කොමිස් කුට්ටියක් සාක්කුවට දමා ගන්න.. ජනතා පැමිණිල්ලකට මාස ගණනකටවත් පිලි තුරක් නැත . හැම ආයතනයකම හොරකම කරන්නේ දේශපාලකයෝ. ඉහලම ඉදන් පහලටම රජ කරන්නේ හොරකම. නීතිය කොරවෙලා?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

