බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ රඳවා සිටින රැදවියන් 45 දෙනොගෙන් අද (12) දිනය වනවිට ආහාර ගැනිමේ වර්ජනයේ නිරතව සිටින්නේ රැදවියන් 32 දෙනෙකු පමණක් බව බූස්ස බන්ධනාගාර අධිකාර්යාලය පවසයි.
දැනට විශේෂ අංශයේ රදවා සිටින රැදවියන් 13 දෙනෙකු ආහාර වර්ජනයට සහාය නොදි ආහාර ගැනිම සිදුකරන බවද බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි. එම රැදවියන් අතර පොට්ට නවුපර්, ප්රදිප් අප්පුහාමි, කසුන් ඉන්දික සම්පත් කුඩු තිලක්, සමිර චාමර ඇතුළු පිරිසක් සිටින බව බන්ධනාගාර ආරංචි මර්ග සදහන් කරයි
මේ අතර ආහාර වර්ජනයේ නිරතව සිටියදි හදිසියේ අසනිපවිමෙන් බුස්ස නාවික හමුදා රෝහලට ඇතුලත් කළ ම්මත්ද්රව්ය ජාවාරම්කරුවනු වන කංජිපානි ඉම්රන් නැමැත්තාට ප්රථිකාර කිරිමෙන් පසු යළි බන්ධනාගාරයේ විශේෂ අංශයට රැගෙනවිත් ඇති බවද බන්ධනාගාර කාර්යාලය පවසයි.
මොහු ප්රථිකාර සදහා බුස්ස නාවික හමුදා රෝහලට ඇතුලත් කොට විනාඩි 45 කට පමණ පසු ප්රථිකාර ලබාදිමෙන් පසු බුස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයට රැගෙනවිත් ඇත.
ඉල්ලම් කිහිපයක් මුල්කරගෙන විශේෂ අංශයේ රදවා සිටින රැදවියන් ඉකුත් 10 වැනිදින සිට ආහාර වර්ජනයක නිරතව සිටිති.