බැසිල් රාජපක්ෂ මහතා මන්ත්‍රී වරයෙකු ලෙස දිවුරුන් දීමෙන් අනතුරුව ආණ්ඩුපක්ෂයේ ඉදිරිපෙල 9 වැනි අසුන ලබා දී තිබේ.
ඒ අනුව එම අසුනේ මීට පෙර සිටි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මියට ඊට යාබද අසුන පනවා ඇත
මේ අතර බැසිල් රාජපක්ෂ මහතාට ඉදිරිපෙල අසුනක් පැනවීම හේතුවෙන් අමාත්‍යවරුන්ගේ අසුන් පැනවීමේ වෙනසක් සිදු කර තිබේ.
ඒ අනුව ඉදිරිපෙල සිටි වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ආණ්ඩු පක්ෂයේ දෙවන පෙළ අසුන් පේලියේ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රජපක්ෂ මහතගේ යාබද අසුන දක්වා මාරු කර ඇත.
මෙතෙක් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ යාබද අසුනෙහි සිටි අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාට අසුනක් පිටුපසට යාමට සිදුව තිබේ.