ඇඟළුම් ක්ෂේත්රයේ නියෝජිතයන් පිරිසක් හා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවැත්වූ සාකච්ඡාවකට රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද එක්ව තිබේ.
මෙම සාකච්ඡාව අරලිය ගහ මන්දිරියේදි පැවැත්වීය. බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස පත්කිරීම සම්බන්ධයෙන් දයාසිරි ජයසේකර මහතා වරක් විවේචනාත්මකව අදහස් ප්‍රකාශ කරනු ලැබීය.
කොවිඩ් 19 වසංගත තත්ත්වය යටතේ පනවා ඇති රෙගුලාසි අනුව කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා රජය සෑම සහායක්ම ලබාදෙන බව මෙහිදී මුදල් අමාත්‍යවරයා සහතික වී තිබේ.