ශ්‍රී ලංකාවේ වර්ධනයට මෙන්ම නව අවස්ථා ඇති කිරීමට නම් ජාත්‍යන්තරය හා සම්බන්ධ වෙමින් ආයෝජන ලංකාවට ගෙන ආ යුතු බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය නිවැරදි බව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.
කෙසේ වෙතත් රටට අවශ්‍ය වන්නේ පුද්ගලයා වෙනස් කිරීම නොව ප්‍රතිපත්තිය වෙනස් කිරීම බවද ඔහු පවසයි.