ආණ්ඩුව හිතුවක්කාරී ලෙස සංශෝධනය කළ දඩවලින් වර්ග දෙකක් හැර අනෙකුත් දඩ මුදල් වහාම සංශෝධනය කළ යුතු බව බස් සංගම් සඳහන් කරයි.
ඒ අනුව බීමත්ව රිය ධාවනය කරන රියදුරන්ට හා රිය බලපත්‍රයක් නොමැතිව වාහන ධාවනය කරන පිරිසට එරෙහිව සංශෝධනය කළ දඩ මුදල එලෙසම පැවැතිය යුතු බවද එම සංගම් නියෝජිතයෝ අද (03දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පවසා සිටියහ.
මීට අමතරව ඉන්ධන ගාස්තු සං‘ශෝධනය යටතේ මේ මස 10 වැනිදා රුපියල් හතරකින් ඩීසල් මිල ඉහළ දැමීමට කටයුතු කළහොත් 11 වැනිදා සිට 04%කින් බස් ගාස්තුව ඉහළ දමන බවද සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනය ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පවසා සිටියේය.