බල්ලෙකු නිසා කුවේට් ජාතිකයා රේගු නිලධාරීන්ට පහරදෙයි
බල්ලෙකු රැගෙන ශ්‍රී ලංකාවට පැමිණි කුවේට් ජාතික යුවළක කටුනායක ගුවන් තොටුපොළේ අද (27දා) රාජකාරියේ නියැළී සිටි රේගු නිලධාරීන් පිරිසකට පහර දී තුවාල සිදු කර , ඔවුන්ගේ රාජකාරියට ද බාධා කර ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.
වයස අවුරුදු 29 ක් වන කුවේට් ජාතික පිරිමියෙකු සහ අවුරුදු 32 ක් වන කුවේට් ජාතික කාන්තාවක ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ තිබේ.
ඔවුන් ලැබ්රඩෝ වර්ගයේ බල්ලෙකුද රැගෙන විත් තිබුණි. මෙවැනි සතුන් ශ්‍රී ලංකාවට ගෙන ආ විට කටුනායක ගුවන් තොටුපොළේ දී විශේෂ පෝරමයක් පුරවා , එරට මගින් නිකුත් කළ සහතික පත් ද සමග එම සත්ත්වයා , ගුවන් තොටුපොළ සත්ත්ව නීරෝධායන ආයතනය වෙත ඉදිරිපත් කළ යුතුය.
එහෙත් මෙම කුවේට් ජාතික යුවළ එයට බාධා කරමින් , එම කටයුතු ප්‍රතික්ෂේප කරමින් , තමන්ට ප්‍රමාද වන බව පවසා ගුවන් තොටුපොළෙන් පිට වීමට තැත් කර තිබේ.
එහිදී සිවිල් ඇඳුමෙන් සැරසී සිටි කටුනායක පොලිසියේ නිලධාරීයෙකු , මොවුන් පිළිගැනීමට පැමිණ සිට ඇත.
එම අවස්ථාවේ දී රේගු නිලධාරීන් මොවුන් ගුවන් තොටුපොළෙන් පිටතට යෑම වළකා ,මේ පිළිබඳව ඉදිරි රාජකාරී කටයුතු ආරම්භ කිරීමට සූදානම්වත්ම කුවේට් ජාතිකයා රේගු නිලධාරීන්ට පහර දී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මෙම පහර දීමෙන් කටුනායක ගුවන් තොටුපොළ සේවයෙහි නියැලී සිටි නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයෙකු , කාන්තා රේගු නිලධාරිනියක ඇතුළු රේගු නිලධාරීන් පස් දෙනෙකු තුවාල ලබා මීගමුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙති.
ඉන් මඳ වේලාවකට පසු පෙර සඳහන් කළ , කටුනායක පොලිසියේ නිලධාරීවරයා යළිත් සිය රාජකාරි ඇඳුමෙන් සැරසී , මෙම සිද්ධිය ඇති වූ ස්ථානයට පැමිණ තිබේ.
මීට පෙර වතාවකදී ද මේ ආකාරයටම මෙම බල්ලා රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළේ දී ප්‍රශ්න ඇති වී , ඒ පිළිබඳව ගුවන් තොටුපොළ පොලිසිය වෙත සත්ව නීරෝධායන ආයතනයේ නිලධාරීන් පැමිණිලි කර තිබුණි.
පසුව රේගු නිලධාරීන් කළ පැමිණිල්ලකට අනුව මෙම කුවේට් යුවළ කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර , ඔවුන් විසින් රැගෙන ආ බල්ලා ගුවන් තොටුපොළ සත්ව නීරෝධායන ආයතනය වෙත භාර දී තිබේ .
මෙම කුවේට් ජාතික යුවළ මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ගුවන් තොටුපොළ පොලිසිය පියවර ගනිමින් සිටින අතර , මේ වනවිට ශ්‍රී ලංකාවේ කුවේට් තානාපති කාර්යාලයේ නිලධාරීන් ද මෙම ගැටලුවට මැදිහත් වී තිබේ.

popular news
-
Ranjan Friday, 27 July 2018 09:07 PM
ලජ්ජා වෙන්න ඕනේ 5 දෙනකම රෝහල් යන්න ගැහුවාම
Reply : 0 0
kapila Sunday, 29 July 2018 12:04 AM
මේ දෙන්න අනිවාර්යෙන්ම නිදහස් වෙනවා. අපරාදේ අර නිලධාරින්? ඔන්න පුළුවන් නම් GMOA වර්ජනයක් කරමු.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
