බලන්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් පෙට්ටිගල ග්‍රාම සේවා වසමේ යද්දෙහිකන්දෙහි කොටසක අද (19) දා අලුයම ගල් පෙරලික් හේතුවෙන් නාය යැමේ අවදානමක් පවතින බැවින් ඊට පහළින් ජිවත්වෙන පවුල් 13ක සාමාජිකයන් යද්දෙහිකන්ද විහාරස්ථානයට සහ නිල නිවාසයකට අද පෙරවරුවේ තාවකාලිකව ඉවත් කල බව බලන්ගොඩ ප්‍රාදේශිය ලේකම් හේමන්ත බණ්ඩාර මහතා පැවසිය.
බලන්ගොඩ ප්‍රදේශයට ඇඳහැළුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙම නාය යැමේ අවදානම ඇතිවි තිබෙන බව ඒ මහතා සඳහන් කළේය.
මෙලෙස ඉවත් කර ඇත්තේ අපර් බලන්ගොඩ වතුයායේ පදිංචි වතු කම්කරු පවුල් දහතුනකට අයත් සාමාජිකයන් බව ඔහු පැවසිය. යද්දෙහිකන්ද විහාරස්ථානයේ සහ ඒ අසල ඇති නිල නිවසකට ඉවත් කල ජනතාව සඳහා අවශ්‍ය වියලි ආහාර ,ජලය සහ අනිකුත් පහසුකම් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය හරහා ලබාදිමටද ආපදා සහන සේවා නිලධාරි උපුල් අනුරසිරි මහතාට සහ නිලධාරීන්ට උපදෙස් දි ඇති බව ප්‍රදේශීය ලේකම්වරයා පැවසිය.
මෙම යද්දෙහිකන්දෙහි පසුගිය වර්ෂයේ නාය යෑමක් සිදු වු අතර එම ස්ථානයට මදක් දුරින් අද (19) අලුයම ගල්පෙරලි තිබේ.
මෙම අවදානම් කලාපයේ ජිවත්වෙන පවුල් සඳහා ඉඩම් ලබාදිමට ඉඩම් පරීක්ෂා කිරිමක් කර ඇති අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වාර්තා මෙතෙක් ලැබි නැති බවත් එම වාර්තා ලැබුණු විගස ඉඩම් ලබාදිමට කටයුතු කරන බවද ප්‍රාදේශීය ලේකම් හේමන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසිය.
බලන්ගොඩ - රෝහණ වසන්ත