කල්පිටිය තුර අඩිය ප්රදේශයේ තම බිරිඳට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇයගේ සැමියාද සියදිවි නසාගෙන ඇතැයි පොලීසිය පවසයි.
පවුල් ආරවුලක් හේතුවෙන් 15 දා රාත්රියේ මෙම සිදුවීම වූ බවට පොලිසිය සැක කරයි.
මෙසේ සිය සැමියා විසින් ඝාතනය කොට ඇත්තේ,වෝල්ටර් දීපා වසන්ති කුරේරා නම් 36 හැවිරිදි කාන්තාවකි. සිය දිවි නසා ගෙන ඇත්තේ බෙනඩික් දිලිප්පු මාකස් නම් 40 හැවිරිදි පුද්ගලයෙකි.
මොවුන් දෙදෙනාට වයස අවුරුදු 17,14,සහ 11 යන වයසේ දරුවන් තිදෙනෙකු ද වේ. දේහයන් කල්පිටිය රෝහළේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර,කල්පිටිය පොලිසිය වැඩි දුර පරීක්ෂන පවත්වයි.
කල්පිටිය කුමාරි කොට්ටහච්චි