බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මේ වනවිට කොරෝනා වෛරසය ආසාදිතයින් පස් දෙනෙකු හමු වී ඇත. මෙම ආසාදිතයින් අලුබෝවිල, පුදීපගම , බියන්විල හා මාකොළ යන ප්‍රදේශවලින් භමු වී තිබේ.
අලුබෝවිල හා පුදීපගම යන ප්‍රදේශවලින් භමු වු දෙදෙනා මිනුවන්ගොඩ බැන්ඩික්ස් ඇගලුම් ආයතනයේ සේවිකාවන් වන අතර බියන්විල ප්‍රදේශයෙන් හමු වූ ආසාදිතයා කොළඹ ප්‍රදේශයේ රැකියාව කරත පුද්ගලයෙකු ද සෙසු ආසාදිතයින් දෙදෙනා මාකොළ ප්‍රදේශයේ වෙති.
ඉන් ඵක් ආසාදිතයෙකු කොළඹ ප්‍රදේශයේ වාණජ බැංකුවක බැංකු නිලධාරිණියෙකු හා අනිත් ආසාදිතයා ව්‍යාපාරිකයෙකු වෙයි.
මෙම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 140 දෙනෙකු පමණ තම නිවෙස් වලම ස්වයං නිරෝධානයට ද ලක් කර තිබේ.
මේ අතර බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අධීක්ෂණය යටතේ බියගම නිදහස් වෙළෙද කලාපයේ ආයතන වල දිනපතාම පී.සී.ආර්. පරික්ෂණ සිදු කරනු ලබන අතර ඒ අනුව මෙ වනවිට රජයේ හා පුද්ගලික අංශ මගින් පී.සී ආර්. පරික්ෂණ දෙදහසකට අධික සංඛ්‍යාවක් සිදු කර ඇත.
මල්වාන ඩබ්ලිව් ඩී ඵමි විතානගේ දෙල්ගොඩ පත්මසිරි රණතුංග