හාලිඇල උඩුවර රත්මඬවල ප්රදේශයේ එළවළු කොටුවක වැඩ කරමින් සිටි පිරිසකට එල්ලවූ බඹර ප්රහාරයකින් තුවාල ලත් පුද්ගලයන් පස් දෙනෙකු අද (27) දහවල් බදුල්ල මහ රෝහලට ඇතුළත් කරනු ලැබීය.
එම එළවළු කොටුව ආසන්න ගසක තිබූ බඹරයක් ඇවිස්සීමෙන් ඒ අසළ වැඩ කරමින් සිටි පිරිස බඹර ප්රහාරයට ලක්ව ඇති අතර එහිදී දැඩි ලෙස බඹර දෂ්ඨනයට ලක්වූ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් සිවුදෙනෙකු මෙසේ රෝහල් ගතකොට තිබේ.
ඉන් එක් අයෙකුගේ තත්ත්වය තරමක් බරපතළ වූ අතර සෙසු සිවුදෙනාගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.