වව්නියාව ඕමන්ත, නොච්චිමොට්ටෙයි ප්රදේශයේදී ඊයේ (08) සවස බඹරුන් දෂ්ඨ කිරීමෙන් අවුරුදු 3 ක් වයසැති දැරියක් මිය ගොස් තවත් තිදෙනෙකු බරපතල තත්වයෙන් රෝහල්ගත කොට ඇති බව ඕමන්ත පොලීසිය පවසයි.
නොච්චිමොට්ටෙයි ප්රදේශයේ එකම පවුලක විසූ මව, දියණිය හා දියණියගේ දරුවන් දෙදෙනා සමග වගා බිමක් වෙතට ගොස් වගා බිම එළිපෙහෙලි කිරීමේදී ගසක් කැපීමට ගත් උත්සහයකදී අසළ තිබූ බඹර කූඩයක් ඇවිස්සී සිව් දෙනාටම බඹරුන් විසින් දෂ්ඨ කොට ඇති බවට අනාවරනය වී ඇත.
අනතුරුව බඹරුන් දෂ්ඨ කළ පිරිස් ප්රදේශවාසීන් විසින් බෙරාගෙන වහාම වව්නියාව මහරෝහලට ඇතුලත් කිරීමෙන් පසුව බරපතල තත්වයේ සිටි තුන් හැවිරිදි දැරිය ඊයේ රාත්රියේ මිය ගොස් ඇති බවට පොලීසිය පැවසීය.