පොළොන්නරුවේ සිට බන්ධනාගාර ගත වු රැඳවියන් පිරිසක් වැලිකඩ බන්ධනාගරය දක්වා ප්‍රවාහනය කරමින් තිබූ බස්රථයක බීමතින් සිටි ජේලර්වරයෙකු, සැරයන්වරයෙකු සහ බන්ධනාගාර නියාමකවරයෙකු ඊයේ (31) දින රාත්‍රී 11ට පමණ අත්අඩංගුවට ගත් බව මින්නේරිය පොලීසිය පවසයි.
පොළොන්නරුව පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ලද තොරතුරක් මත බන්ධනාගාර බස්රථය පරීක්ෂා කිරීමේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අවස්ථාවේ එම බස් රථයේ ජේලර්වරයෙකුගෙන් සමන්විත බන්ධනාගාර නිලධාරින් හත් දෙනෙකුත් මරණ දඩුවම නියම වු විශේෂ සිරකරුවෙක් ඇතුළු සිරකරුවන් අට දෙනෙකුත් සිට ඇත.
එහිදි පොලීසිය විසින් බිමත් රියදුරන් පරීක්ෂාවට ලක් කරන විද්‍යුත් උපකරණය වන ඇල්කොසෙන්ස් මිටර යොදා පරීක්ෂා කිරිමේ දි එහි සිටි ප්‍රධාන ජේලර්වරයාත් සැරයන්වරයෙකුත් නියාමක වරයෙකුත් අධික ලෙස මත්ද්‍රව්‍ය පානය සිටි බවට ආනාවරණය වි ඇත.
කෙසේ නමුත් මද්‍යසාර පානය කල බන්ධනාගාර නිධාරින් හිඟුරක්ගොඩ දිසා රෝහලේ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරිමෙන් පසු එම නිලධාරීන් තිදෙනා මද්‍යාසාර පානය කර නොමැති බවට වර්තා ලබා දි ඇති බව පොලීසිය ප්‍රකාශ කර සිටි.
මේ පිළිබද පොලිසිය සහ මහජනතාවට ගැටලු සහගත තත්ත්වයක් තිබේ. එය නම් බිමත් රියදුරන් පරීක්ෂාවට ලක් කරන විද්‍යුත් උපකරණයවන ඇල්කොසෙන්ස් මිටරයෙන් මෙම තිදෙනා මනුස්ස ශරිරයකට ඔරොත්තු නොදෙන පරිදි මද්‍යසාර පානය කර ඇති බවට ආනාවරණය වි තිබියදි වෛද්‍යවරයාගේ නිර්දේශය එය එසේ නොවේ යැයි වාර්තාව විම පුදුම සහගත සුදුවිමක් බවද පොලීසිය පවසයි.