බදුල්ල නගර මධ්‍යයේ පිහිටි හුනුකොටුව මාර්ගයේ පදිංචි පුද්ගලයෙකුට කොවිඩ් 19 අසාදනය වි වවුනියාව රෝහල ඇතුලත් කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි .
වවුනියාවේ පුද්ගලික ඉදිකිරීම් ආයතනයක සේවය කරන මොහු ඉකුත් 08 වැනිදා රාජකාරියෙන් පසුව බදුල්ල හුනුකොටුව මාර්ගයේ පිහිටි තම නිවසට පැමිණ ඇති බවත් 11 වනදා බදුල්ලේ බැංකු දෙකක මුදල්යන්ත්රවලින් මුදල් ලබාගැනීමට පැමිණ ඇති බවත් සිදුරකන ලද විමර්ශන වලදී අනාවරණය වි තිබේ .
ඊට අමතරව අධිකරණ සංකීර්ණයට පැමිණ නීතිවේදිනියක් හමුවි ඇති බවටද තොරතුරු ලැබි තිබේ .
12 වනදා උදෑසන 6. 30ට බදුල්ලෙන් යාපනය දක්වා ගමන්කරන ලංගම බස්රථයෙන් යළි වවුනියාවට ගොස් ඇති අතර එහිදී සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේදී කොවිඩ් 19 ආසාදනය වි ඇති බව අනාවරණය විනැයි තහවුරු වූ බව සෞඛ්‍ය බලධාරියෙක් පැවසීය .
මොහුගේ ආශ්‍රිතයන් සොයා මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති අතර මොහුගේ නිවසේ අය ඇතුලු පිරිසක් දැනටමත් ස්වයං නිරෝධායනයට ලක්කර ඇතැයි බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත මහතා පැවසීය .
තවත් පිරිසක් පී.සී.ආර්. පරික්ෂණ සදහා යොමු කිරීමට නියමිත බවද කන්දෙවත්ත මහතා පැවසීය.
පාලිත ආරියවංශ