බදුල්ල මහරෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකයේ කෝවිඩ් 19 ආසාදිත රෝගීන් 16ක් ඊයේ (17) සිදුකළ ඇන්ටජින් පරීක්ෂණයේදී හදුනාගත් බව බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ඌව පලාත් සම්බන්ධිකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පවසයි .
මෙසේ කෝවිඩ් 19 ආසාදිත පිළිකා රෝගින් හමුවී ඇත්තේ 32 වාට්ටුවෙන්බවත් , මෙම කෝවිඩ් ආසාදිත පිළිකා රෝගින් අතර කාන්තාවන් තිදෙනකු සහ පිරිමින් 13ක්සිටින බවත් හෙතෙම කීය .
එම පිළිකා ප්‍රතිකාර ඒකකයේ තවත් පිළිකා රෝගින් 17ක්පමණ සිටින බවත් ඔවුනට ඇන්ටජින් පරීක්ෂණ සිදු කරන බවද වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සදහන් කළේය .
මෙම කෝවිඩ් 19 ආසාදිත පිළිකා රෝගින් වෙනත් කෝවිඩ් ප්‍රතිකාර ඒකක වලට ගෙන යාමට අපහසු බව පවසන බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිළධාරි පාලිත රාජපක්ෂ මහතා එම කෝවිඩ් 19 ආසාදිත පිළිකා රෝගින් බදුල්ල මහ රෝහලේ පිහිටි කෝවිඩ් ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කල බවද වැඩිදුරටත් සදහන් කර සිටියේය .
ඇල්ල ප්‍රසාද් රුක්මල්