බදුල්ල පොලිස් ස්ථාන පරිශ්‍රයේ පිහිටි බදුල්ල දිස්ත්‍රික් පොලිස් සේවාස්ථ පුහුණු මධ්‍යස්ථානයේ සේවාස්ථ පුහුණුවකට සහභාගි වී සිටි පොලිස් නිලධාරින් 6 දෙනෙකු කොවිඩ් 19 ආසාදිතයන් බව අද (16) හදුනාගෙන තිබේ .
ඔවුන් සියලු දෙනා සැරයන්වරුන් වන අතර ලුනුගල , කන්දකැටිය ,මහියංගණය ,ගිරාදුරුකෝට්ට, බදුල්ල සහ හාලිඇල පොලිසි වලට අනුයුක්තව සේවය කරන අය බව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය .
ඇතිවූ උණ තත්වයක් නිසා ප්‍රතිකාර ලබාගැනීම සඳහා බදුල්ල මහරෝහලට පැමිණි අවස්ථාවේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේශ පරීක්ෂණයේදී ඔවුන්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වී යැයි බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධානී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය .
මේ තත්ත්වය නිසා පොලිස් පරිශ්‍රය විෂබීජානුහරණය කිරීමට සෞඛ්‍ය අංශ විසින් පියවරගෙන තිබිණ
බදුල්ලේ පාලිත ආරියවංශ