බදුල්ල මහ රෝහලේදී මේ දිනවල සිදුකරන කොවිඩ් 19 ක්ෂණික ප්‍රතිදේශ පරික්ෂණ වලින් 60- % -70 % අතර ප්‍රමාණයක් අසාදිතයන් බවට තහවුරුවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ඌව පළාත් සම්බන්ධීකාරක හා බදුල්ල ශාඛාවේ සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය .
මේ අතර පසුගිය සතියේ රිය අනතුරුවලට ලක්වූ තුවාලකරුවන් දෙදෙනෙක්ද කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වූ බවද රාජපක්ෂ මහතා සඳහන් කළේය .
මේ අතර අද (3) බදුල්ල මහ රෝහලේදී පෙ.ව.7 සිට පැය 7 පමණ කාලයක් තුල සිදුකළ කොවිඩ් 19 ක්ෂණික ප්‍රතිදේශ පරික්ෂණ වලදී බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් පමණක් 12 දෙනෙක් ආසාදිතයන් බවට වාර්තා ලැබී ඇතැයි බදුල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක පියල් පද්ම මහතා පැවසීය .
ඔවුන් දෙයියන්නේවෙල, හෑගොඩ, බදුළුපිටිය .පිංඅරාව ,කයිලගොඩ,වෑකඩ, පීලිපොතගම ,වියදිගුණ ,පදිංචිකරුවන් බවද පියල් පත්ම මහතා සඳහන් කළේය.