පාසල් පෙළ පොත් හරහා ළමා මනස දූෂණය කිරීමට හා රට බෙදීමට උත්සහ කරන පිරිසට එරෙහිව ක්‍රියා කිරීම සඳහා මහා සංඝ රත්නයේ අනුශාසනා මත විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ වවුනියාව ඊරට්ටපෙරියකුලම පැරකුම් විද්‍යාල ශාලාවේදී පෙරේදා (27දා) පැවති සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීමේ උත්සවයට එක්වෙමිනි.
“අපි දැක්ක පසුගිය කාල සීමාවේ බෞද්දයන් විසින්ම බෞද්ධයන්ට ගරහන එක, සිංහලකමට ගරහන එක. සිංහල ඡන්දයෙන්ම බලයට පත් වන දේශපාලඥයින් පවා සිංහල බෞද්ධයින්ට මහා සංඝරත්නයට ප්‍රසිද්ධියේ අවමන් කළා. මේ රටේ ඉන්න වෙනත් කිසිම ජාතියක හෝ ආගමක ඔය විදිහට තමන්ගේ ජාතියට ආගමට ගැරහුවේ නැහැ දිනකට හරි දහම්පාසල ගිහිල්ල හිටියනම් කිසි දිනක ඔවුන් පාවිච්චි කරපු සමහර වචන පාවිච්චි වෙන්නෙ නැහැ.
විදේශීය මුදල් වලින් පවතිවගෙන යන රාජ්‍ය නොවන සංවිධන අපේ අධ්‍යාපන ක්‍රමයට බොහොම සියුම් ලෙස මැදිහත් වෙල තියනවා. අපේ රටේ ප්‍රධාන පෙලේ විද්වත් භික්ෂූන් වහන්සේලා විසින් පාසල් ළමුන්ට බෙදා දෙන පොත්වල ළමා පරපුරේම හිත් විකෘති කර තියෙන ආකාරය ගැන විස්තර කරන හැටි මම අහගෙන හිටියා පසුගිය දවස්වල.
ඒකත් එක්කම සමහර ගිහි සංවිධාන පෙන්වලා දුන්නා සමහර ආණ්ඩුවෙන් ගහපු පොත්වල උතුරු නැගෙනහිර එක පළාතක් වගෙ පෙනවලා තිබුණා. සිංහල අලුත් අවුරුද්දක් සමහර පොත්වල හලලා හාමුදුරුවනේ.
අපි කව්රුත් තේරුම්ගන්න ඕන මේ රට බෙදන්න සිංහල බෞද්ධ ජනතාව විනාශ කරන්න සිංහල දෙමළ මුස්ලිම් ක්‍රිස්තියානි සියලු දෙනාගෙම පවුල් සංස්ථාව බිඳ දමන්න ළමුන් හා දෙමාපියන් අතර ළමුන් හා ගුරුවරුන් අතර ළමුන් හා ආගම් අතර සම්බන්ධතා බිද දමන්න ඉතාම බලගතු වැඩපිලිවලක් ක්‍රියාත්මක වෙනවා.
මේ අරමුණ ඉටුකරන්න වැඩසටහන් පටන්ගන්නේ පාසල් වල බාලාංශේ ඉඳලා. එතකොට අවුරුදු කිහිපයක් ගත වුණහම කවුරුත් දන්නැතුවම සිංහල මිනිසුන්ගේ හිත් ඉබේම වෙනස් වෙලා.
පාසල්වල භාවිතා වන පොත්පත් වලින් ළමුන්ගේ හිත්තුලට දාන මනස විකෘති කරන මතවාදයන් ගැන කඩිනමින් විමර්ශනයක් කරන්න අපි බාලාපොරොත්තු වෙනවා.
දහම් පාසල තුළින් අධ්‍යාපනයක් නොලද බෞද්ධ පිරිස් පසුගිය කාලයේදී බුද්ධාගමට එරෙහිව කටයුතු කළ ආකාරයකද දැක ගැනීමට ලැබුණා.
මේ අවාසනාවන්ත තත්ත්වය බුදු දහමේදී පමණක් නොව අනෙක් ආගම් වල අධ්‍යාපන ආයතන වලට ගිය පිරිසගෙන්ද දැක ගන්නට ලැබුණා.අන්තවාදය වශයෙන් සලකනු ලබන්නේ ආගමක් නොවෙයි. කිසිම ආගමක අන්තවාදය උගන්වා නැහැ.”