බෞද්ධ දර්ශනය චිවරධාරින්ගෙන් බේරාගැනිම සදහා කල යුතු සියලූ දේ කරන බව හිටපු අමාත්‍ය මංගල සමරවිර මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්විමකදි මංගල සමරවිර මහතා ශි‍්‍ර ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බවට කල ප්‍රකාශයට එරෙහිව නියෝජ්‍ය අමාත්‍යවරයෙක් සහ ස්වාමින් වහන්සේ නමක් කරන ලද පැමිණිල්ලකට ප්‍රකාශයක් ලබාදිම සදහා ඒ මහතා අද (14) මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය වෙත පැමිණියේය .
පැය දෙකකට අධික කාලයක් ප්‍රකාශයක් ලබාදිමෙන් අනතුරුව පිටතට පැමිණි හිටපු අමාත්‍යවරයා මෙසේ පැවසිය.
‘‘ මාතර දිස්ති‍්‍රක් එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩලය අමතමින් මම කරපු ප්‍රකාශයට ශෙහාන් සේරසිංහ නියෝජ්‍ය ඇමතිවරයා සහ ස්වාමින් වහන්සේ නමක් කරන ලද පැමිණිල්ලකට අනුව අද මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයට ගිහින් ප්‍රකාශයක් ලබාදුන්නා. ඒ අය කාර්යක්ෂමව ඒ ප්‍රකාශය ලබාගත්තා . ශි‍්‍ර ලංකාව කියන්නේ සිංහල බෞද්ධ රටක් නෙමෙයි කියන ඒ ප්‍රකාශය බෞද්ධ ධර්මය අනුවම ඒඅයට තෝරලා දුන්නා . මොකද ඇත්ත වශයෙන්ම මාතර උපන් පරම්පරාගත බෞද්ධයෙක් හැටියට අපේ පරම්පරාවේ ශ්‍රේෂ්ඨ භික්ෂුන් වහන්සේලා ඉදලා තියෙනවා . මගේ පියාගේ කිට්ටු නැයෙක් තමයි මඩියේ පඤ්ඤාසිංහ නාමියන් . ඒ අනුව කුඩා කාලයේ ඉදලම බෞද්ධ දර්ශනය කෙරෙහි විශාල ලැදියාවක් දක්වපු කෙනෙක් විදියට මම මාතර පොලිසියට ප්‍රකාශයක් ලබාදුන්නා.
බෞද්ධ දර්ශනය අනුව මේ දර්ශනය සිමා වෙන්නේ ආගමකට ජාතියකට රටකට පමණක් නෙමෙයි . බෞද්ධ දර්ශනය පෘථිවියටත් සිමා නොවෙන විශ්ව දර්ශනයක් බව මුලින්ම මම ඒ අයට පැහැදිලි කරලා දුන්නා . විශ්ව දර්ශනයට අනුව ශි‍්‍ර ලංකාවාසින් සිංහල බෞද්ධ නමින් හදුන්වාදිම සමිපුර්ණයෙන් වැරදියි . එක් පැත්තකින් ශි‍්‍ර ලංකාව කියන්නේ සිංහල බෞද්ධ දර්ශනයේ වසර 2500 කට අධික කාලයක් පෝෂණය වු රටක් . ඒ වගේම අවුරුදු දහස් ගාණක් තිස්සේ ඒ ප්‍රධාන බෞද්ධ සංස්කෘතියට හිංදු සංස්කෘතියත් මුස්ලිම් සංස්කෘතියත් දායක වුනා . අද අභිමානිය ශි‍්‍ර ලංකිය සංස්කෘතියක් ශි‍්‍ර ලංකිය ජාතියක් නිර්මානය වෙන්න අවශ්‍යයි . රටක් හැටියට අපිට ඉදිරියට යන්න නම් සිංහල බෞද්ධ , දෙමළ , මුස්ලිම් වලින් තොර නව ශි‍්‍ර ලාංකිය දේශයක් හැටියට හිතන්න ඔ්න කියන එකත් මම පෙන්වලා දුන්නා.
රටකට ජාතියේ නමින් ආගමේ නමින් නොකියනා වගේම වෙන ලෝකේ කිසිම රටක් හදුන්වන්නේ ආගමෙන් , බහුතරේ නමින් නෙමෙයි . ඉංදියාව ගත්තම බහුතරය කතා කරන්නේ හිංදි භාෂාව . බහුතරය අදහන්නේ හිංදු ආගම. නමුත් කවුරුවත් ඉංදියාවට කියන්නෙ නැ හිංදු රටක් කියලා . ඉංදියාවේ ජිවත් වෙන සියලූ ජාතින්ට කියන්නේ ඉංදියානුවන් කියලා . එවැනි තව උදාහරණ තියෙනවා . ඒ යථාර්ථය අපි පිළිගන්න ඔ්න . අවාසනාවට ඒ යථාර්ථය තේරුම් නොගන්නේ තමන්ගේ සිවුර බිස්නස් එකක් කරගෙන ඉන්න යම් චිවරධාරින් අතලොස්සක් සහ බෞද්ධ දර්ශනය ගැන කිසිම දැනුමක් නැති ගිහියන් අතලොස්සක් කියලා කියන්න ඔ්න .
මොකද බුදුහාමුදුරුවෝ අපිට උගන්වපු ධර්මයේ තියෙනවා බෞද්ධයන් කියන්නේ කොටස් කිපයක අය ඉන්නවා . ගිහියන් ඉන්නවා , ඒ වගේම ඒ ගිහියන් නිවරදි මාර්ගයට යොමු කරන භික්ෂුන් වහන්සේලා ඉන්නවා , භික්ෂුන් වහන්සේලා කියලා බුදුහාමුදුරුවෝ හැදින්නුවේ රාගය ද්වේෂය මෝහය කියන ඒ හැගිම් අයින් කරගන්න කටයුතු කරන අයටයි භික්ෂුන් වහන්සේලා කියන්නේ . හැබැයි සංඝයා වහන්සේලට නෙමෙයි . බුදු හාමුදුරුවන්ගේ දේශනය අනුව භික්ෂුන් වහන්සේලට පස්සේ සංඝයා වහන්සෙලා කියලා වදින්නේ අඩුම ගානේ ඒ මාර්ග පලවල ලබපු භික්ෂුන් වහන්සේලට , අඩුම ගානේ සෝවාන් වෙලා හරි ඉන්න ඔ්න සංඝයා වහන්සේ කෙනෙක් වෙන්න . තුන්වැනි කණ්ඩායම තමයි චිවරධාරින් කියන්නේ . මේ චිවරධාරින්ගේ අතලොස්සක් තමයි බෞද්ධ දර්ශනය දිනෙන් දින විග්රහ කරන්නේ . ඔය චිවරධාරින් තමයි ඔය තොල් රතුකරගෙන උපන්දින සාද දාගෙන ජනාධිපතිවරයා පවා ගෙන්වගෙන ජනාධිපතිවරයත් බෞද්ධ විනාශයට සම්මාදම් කරගන්නේ . අන්න ඒ නිසා සැබැ බෞද්ධයන් හැටියට මම මේ අයට කිවුවේ බෞද්ධ දර්ශනය ගැන ආදරයක් තියෙනම් ඒ අය ගැන ප්‍රශ්න කරන්න බෞද්ධ දර්ශනය මේ චිවරධාරින්ගෙන් බේරා ගැනිම සදහා කල යුතු සියලූ දේ කරන බවත් මම ප්‍රකාශ කරා ’’ යැයි සමරවිර මහතා වැඩිදුරටත් පැවසිය .