බද්දෙගම ගනේගම වලව්වත්ත ප්රදේශයේ නිවසක සගවා තිබුණු ටි පනස් හය වර්ගයේ ගිනි අවියක් ,උන්ඩ හයක් ,පිහි පහක් හා අත් බෝම්බයක් සමග එක් අයෙක් සැකපිට ප්රශ්න කිරීමට පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීහු අද (7 ) පස්වරුවේදි සමත්වූහ.
ලැබුණු තොරතුරකට අනුව මේ නිවස පරීක්ෂා කිරීමේදි මේ ආයුධ තොගය සොයා ගැනීමට හැකිවූ බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
ආයුධ තොගය සමග සැකපිට ප්රකශ්න කිරීම සදහා අත් අඩංගුවට ගැණුනු මේ සැකකරු වැඩි දුර පරීක්ෂන සදහා බද්දෙගම පොලීසියට භාර දුන් බවද පොලිස් විශේෂ කාර්යල බලකාය කියයි.
මේ සැකකරු හෙට (8) බද්දෙගම අධිකරනයට බද්දෙගම පොලීසිය විසින් ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.
කරන්දෙණිය එම් .සුසිල් ප්රියන්ත