ජුලි 24 ද සිට 31 දක්වා වූ සතිය තුලදී රිය අනතුරුවලට ලක්ව පුද්ගලයන් 51ක් මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම කාලය තුලදී සිදුව ඇති රිය අනතුරු සංඛ්‍යාව 385ක් පමණ වෙයි. තුවාල ලැබූවන් සංඛ්‍යාව 260ක් වන අතර ඉන් 190ක්ම බරපතල තුවාල ලබා තිබේ.
එසේම ගතවූ පැය 24 තුළ රිය අනතුරු හේතුවෙන් මරණ 9ක් වාර්තා වී ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
රිය අනතුරුවලට භාජනය වන වාහන අතර යතුරුපැදි හා ත්‍රි රෝද රථ වැඩි වශයෙන් පවතින බවත් ඔහු පැවැසීය.
රිය අනතුරුවලින් සියයට 73ක්ම නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කිරීම බවත් බස්නාහිර, වයඹ හා දකුණ පළාත්වල වැඩි වශයෙන් අනතුරු සිදුවන බවත් ඔහු පැහැදිලි කළේය.
සතියේ බදාදා, සෙනසුරාදා හා ඉරිදා දිනයේදී අනතුරු වැඩි වශයෙන් සිදුවන බවත් සෑම දිනකම සවස 4ත් රාත්‍රී 8ත් අතර වැඩි වශයෙන් අනතුරු සිදුව ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.