බණ්ඩාරවෙල නගරයේ එළවලු තොග පොළ දින 4 ක කාලයක් සදහා වසාතැබීමට ඌව ආණ්ඩුකාර ඒ.ජේ.එම් . මුසම්මිල් මහතාගේ ප්‍රධානත්වයේ අද (29) බදුල්ල දිස්ත්‍රික් කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේ කමිටු රැස්වීමේදි තීරණය විය .
බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැති මෙම රැස්වීමේදී අනාවරණය වූයේ තොගපොළ ආශ්‍රිතව කොවිඩ් 19 පැතිරයාමේ බරපතළ අවධානමක් ඇති බවයි.
ඌව පළාත් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය නිමල් ශාන්ත ගමගෙදර මහතා මෙහිදී පෙන්වා දුන්නේ බණ්ඩාරවෙල පදිංචි වරාය සේවකයෙකුට කොවිඩ් ආසාදනය වී සිය නිවසේම ස්වයං නිරෝධානයට ලක්වූ අතර ඔහුගේ පියා මව සහ නංගී ආසාදියන් බවට පී .සී. ආර් පරික්ෂණයේදී අද (29) තහවුරු බවයි .
ඔහුගේ පියා බණ්ඩාරවෙල එළවලු තොගපොලේ කටයුතු කරන බැවින් පියාගේ ඍජු ආශ්‍රිතයන් ලෙස සියකට අධික පිරිසක් අද (29)දිනයේ හදුනාගෙන ඇති බව සඳහන් කළ ගමගෙදර මහතා ඔවුන් ගේ පී.සී.ආර්. පරික්ෂණ වාර්තා ලැබෙන තුරු සතිපොළ තාවකාලිකව නතර කිරීම සිදුකළ යුතු බවට යෝජනා කළේය .
පාලිත ආරියවංශ