බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 63 දෙනකුම මේ වන විට වාර්තා වී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිමේශා රත්නවිර මහත්මිය පැවසුවාය
එම පිරිස අතර වයස අවුරුද්දයි මාස 4ක් වයසැති දරුවෙකුද සිටින බව වෛද්‍යවරිය කීය .
වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වන්නේ බණ්ඩාරගම මස් විල හා බටහිර බණ්ඩාරගම ප්‍රදේශයෙනි .
සෞඛ්‍ය උපදෙස් නිසි අයුරින් ම පිළිපැද කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වන ලෙස බණ්ඩාරගම ජනතාවගෙන් ඉල්ලා සිටින බව වෛද්‍යතුමිය වැඩිදුරටත් පැවසුවාය