පොලීසිය මගහරිමින් සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හෙරොයින් ග්‍රෑම් හතරක් හා රුපියල් ලක්ෂ තුනකට ආසන්න මුදල් සමඟ අත්ඉඩිය බඩෝවිට ප්‍රදේශයේදී අද (3දා) අලුයම අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලීසිය කියයි.
‘බඩෝවිට වසා’ යනුවෙන් පාතාලය තුළ ප්‍රසිද්ධ බව කියන මෙම සැකකරු හෙරොයින් කිලෝ එකාමාරක් ළඟ තබා ගැනීමේ වරදට මේවනවිට වැලිකඩ බන්ධනාගාරගතව සිටින නලින් නමැති සැකකරුගේ හොඳම ගෝලයෙකු බවද පොලිසිය පවසයි.
ඒ අනුව මෙම පුද්ගලයා සෙම්බරන් කොටුව, විජය පාර වටරප්පල, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව, කව්ඩාන ආදී ප්‍රදේශයන්හී අලෙවිකරුවන් තිහකට වැඩි ප්‍රමාණයකට කුඩු සැපයුම්කරුවෙකු ලෙස කටයුතු කොට ඇති බව පොලීසිය පැවසීය.
විවාහක දරුවන් දෙදෙනෙකු සිටින මෙම සැකකරු කාලයක සිට ඉතා රහසිගතව මෙම ජාවාරමේ නිරත වී ඇති බව පොලීසිය පැවසීය.
සැකකරු අද දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට සැලසුම් කර ඇති බව ද පොලීසිය පැවසීය.
මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා