බටපොළ කහටපිටිය ප්රදේශයේ දි අද (15) අලුයම 1.10ට පමණ පුද්ගලයකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කොට ඇති බැව් බටපොළ පොලීසිය පවසයි.
බටපොළ කහටපිටිය ප්රදේශයේ මාර්ගයේ පුද්ගලයකු කැපුම් තුවාල සහිතව වැටි සිටින බවට 119 පොලිස් හදිසි දුරකථන ඇමතුම් අංශයෙන් ලද ඇමතුමකට අනුව පොලීසිය විසින් විමර්ශන කටයුතු ආරම්භ කරනු ලැබිය. කැපුම් තුවාල වලින් බරපතළ තුවාල ලැබු මොහු බටපොළ රෝහලට ඇතුලත්කොට ප්රතිකාර ලබමින් සිටියදි මියගොස් ඇති බැව් බටපොළ පොලීසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ බටපොළ කොබෙයිතුඩුව ප්රදේශයේ පදිංචිකරුවකු වන පොන්නම්පෙරුම ආරච්චිගේ රංජිත් හෙවත් බේබි (40) නැමැත්තා බව පොලීසිය පවසයි.
මියගිය පුද්ගලයා ඊයේ රාත්රි මීටියාගොඩ ප්රදේශයේ මළ ගෙදරකට ගොස් තවත් අයෙකු සමඟ යතුරුපැදියකින් පැමිණෙමින් සිටියදී කහපටිය ප්රදේශයේ වෙළඳසලක් ඉදිරිපිට නවතා ඇති බැව් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
එම අවස්ථාවේ පැමිණි කිහිපදෙනෙකු යතුරුපැදිය මතදිම තියුණු ආයුධවලින් පහරදී කපාකොටා මෙම ඝාතනය සිදුකර ඇති බවත් පොලීසිය පවසයි. මියගිය පුද්ගලයාගේ මෘතදේහය බටපොළ රෝහලේ තැන්පත්කොට ඇත.
මහේස්ත්රාත් පරික්ෂණය අද සිදුකිරිමට නියමිතව තිබුණි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බටපොළ පොලීසිය පරීක්ෂණ පවත්වයි.