බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ චැපල්ටන් වතුයායේ පි. එස්. කොටස සදහා පනවා තිබු සංචරණ සිමා ඊයේ දින ඉවත් කිරිමට පියවර ගත් බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.
මේ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ බගවන්තලාව චැපල්ටන් වතුයායේ පි. එස්. කොටසින් කොවිඩ් ආසාදිතයන් වැඩි වශයෙන් හමුවිමත් සමග එම ප්‍රදේශයට සංචරන සිමා පැනවිමට පියවර ගත් බවත්ය.
එසේ පනවන ලද සංචරණ සිමා අද දින ඉවත් කිරිමට පියවර ගත් බවත් එම වතුයායේ පවුල් 10ක පිරිසක් තවදුරටත් ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගෙන ඇති බවත් එම පවුල්වල සමාජිකයන්ගේ දෙවන වර පි. සි. ආර්. පරික්ෂණ 09වන දින සිදු කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.
චන්ද්‍ර සෙල්ලහේවා හැටන්