ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දීමේ බක්මහ දිවුරුම වැඩසටහනේ ප්‍රධාන උත්සවය අද (03දා) පෙරවරු 8.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චත්‍රරස්‍රයේදී ආරම්භ විය.
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම සම්පූර්ණයෙන් පාලනය කිරීම පොලීසිය ඇතුළු අනෙකුත් රාජ්‍ය අංශයන්ට පමණක්ම සිදු කළ නොහැකි බැවින් පවුල් සංස්ථාවේ සිට සමාජ සංස්ථාව දක්වා වූ පුළුල් ආකල්පීය වෙනසකින් හා සක්‍රීය දායකත්වයකින් යුතුව එම ව්‍යසනය පිටු දැකීමේ වැඩපිළිවෙළකට අවතීර්ණ වීමේ ප්රවිෂ්ටයක් ලෙස මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට සමගාමීව සිදු කෙරෙන මෙම අවස්ථාව විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය කෙරිණි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තුව නියෝජනය කරමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ද, ආරක්ෂක අංශ ප්‍රධානීන්, රාජ්‍ය සේවයයන් ඇතුළු විශාල පිරිසක් මෙම වැඩසටහන සඳහා එක්වූහ.
popular news
ඉන්දිය දුම්රිය එන්ජින් ලංකාවට වාසිදායකයි
’ඇතැම් අස්වැසුම ගිණුම් හිමියන්ට මිලියන තුන හතරේ ස්ථාවර තැන්පතුත් තිබෙනවා’
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
හිටපු ජනපතිවරුන්ගේ පොලිස් ආරක්ෂාවේ වැය බරින් තුනෙන් එකක්ම මහින්ද රාජපක්ෂට
මිල ඉහළ යාමත් සමග සහල් තොග වැඩි වැඩියෙන් වෙළඳපොළට
Champa Wednesday, 03 April 2019 04:48 PM
මහා විහිළුවක්. රටක ජනාධිපති අගැමති නෙමෙයි මොන්ටිසෝරි ළමයි දෙන්නෙක් වගේ. ලෝකෙට අඬබෙර ගැහැව්වට පුලුවන්ද මත්ද්‍රව්‍ය ජාවාරම නතර කරන්න? රට ඇතුලට මත්ද්‍රව්‍ය එන පාරවල් එකක්වත් වහන්නේ නැතුව මත්ද්‍රවය වැටලීම් කරනවා publicity දීල. Super market වලත් මත්පැන් විකුනන්න පටන් ගත්ත ආණ්ඩුවක් මත්ද්‍රව්‍ය වටලනවා කියන තමයි ලොකුම විහිළුව. කාමර දෙකක් තියෙන ගෙවල් වලටත් මත්පැන් විකුනන්න ලයිසන් දෙනවා කිව්ව ජෝන් ද බෙබෙත් මෙතන ඉන්නව දැක්කහම මිනිස්සුන්ට හිනා යන්න ඇති. ඉස්සෙල්ල ආණ්ඩුවේ වෙරි හින්ද ගන්න.
Reply : 0 62
rocky Thursday, 04 April 2019 07:15 AM
ජනාධිපති තුමා ලේසියෙන් ජනප්‍රිය වීමේ ක්‍රම හොයනවා. එක පැත්තකින් ත්‍රිපිටකේ සංවර්දනය කරලා `ලෝක අයිතියට ` පවරා දුන්න! තව පැත්තකින් `ක්ෂණික සන්හින්දියාව ` අඩ්වටයිස් කරනවා! මේ සෙනග අතරේ කුඩු කාරයෝ, කුඩු ජාවාරම් කාරයෝ, අරක්කුවෝ කී දෙනෙක් ඇද්ද? ජනතාවගේ මුදල් ආස්ති කරමින් ලෝකෙටම විහිළු සපයනවා! ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ජනාධිපතියෙකුගේ දිවුරුම් ගැන විස්වාස කල හැකිද?අනේ මෙහෙමත් රටක්!
Reply : 0 1
Demuni de silva Friday, 05 April 2019 10:11 PM
The oath should be practically adhered.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd