පොලිස් නිලධාරින් 65000ක් විදුලි යතුරුපැදියට ඉල්ලුම් කරලා
පොලිස් නිලධාරීන්ට විද්‍යුත් යතුරුපැදි ලබා ගැනීම සඳහා පොලී රහිත ණය මුදලක් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
අද (27) පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මේ වන විට පොලිස් නිලධාරීන් 65,000ක් විද්‍යුත් යතුරුපැදි ලබා ගැනීම සඳහා ඉල්ලුම් කර ඇති බවත්, ඒ සඳහා වැය වන බදු මුදල් පොලිස් දෙපාර්තමේන්තුවේ ත්‍යාග අරමුදලින් දැරීමට නියමිත බවත් අමාත්‍යවරයා පැවසීය. ඉතා කෙටි කාලයක් තුළ අදාළ යතුරුපැදි ලබාදීමට හැකිවනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.
මේ අතර, පොලිස් නිලධාරීන්ගේ දීමනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ අවදානම් දීමනාව වෙනුවට ආහාර හා ඉඳුම් හිටුම් කාණ්ඩය යටතේ රුපියල් 10,000ක අමතර දීමනාවක් ලබාදීමට කටයුතු කර ඇති බවයි. ඒ අනුව මෙතෙක් රුපියල් 28,200ක්ව පැවති එම දීමනාව රුපියල් 38,200 දක්වා ඉහළ නංවා ලබාදීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
