පොඩි වාහන ලංකාවට ගෙන ඒම සුනාමියක් බවට පත්වුණා
එන්ජින් ධාරිතාව 1000ට අඩු වාහන ශ්‍රී ලංකාවට ආනයනය කිරීම බොහෝ සෙයින් වැඩිවීම හේතුවෙන් විදේශ විනිමය පිට රටට ගලාගෙන යෑමට වැළැක්වීම සඳහා එම ධාරිතාවයට අයත් වාහනවල බදු වැඩි කිරීමට කටයුතු කළ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
අද (02දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
.“අපි 2018 අයවැයෙන් එන්ජින් ධාරිතාව මත බදු අය කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කළා. ඒ තුළින් මේ රටේ වාහන ලබාගන්නා ජනතාවට විශාල සහනයක් වුණා වගේම. ඒතෙක් තිබුණ ක්‍රමය නැවැත්වීම මගින් රජයට අහිමි වූ ආදායමත් විශාල වශයෙන් ඉහළ ගියා. මේ ක්‍රමය ඒ ආකාරයෙන්ම ඉදිරියට යන ගමන්ම අපිට පෙනුණා පොඩි වාහන ලංකාවට ගෙන ඒම සුනාමියක් බවට පසුගිය කාලයේ පත්වෙමින් තිබුණා.
ජනවාරි සිට මැයි මාසයට පමණක් එන්ජින් ධාරිතාව 1000ට අඩු වාහන හැම මාසයකම වගේ 4500ක් පමණත් මේ කාණ්ඩයේ වෑන් මසකට 1000කට ආසන්න ප්‍රමාණයක් ලංකාවට ආවා. මෙය අපේ විදේශ විනිමය අනුපාතයට විශාල පීඩනයක් ඇතිවුණා.
මෙය ඩොලරය අවපාත වීමටත් හේතුවක්. පසුගිය වසරේ පළමු මාස පහට වාහන සඳහා භාවිත වුණ විදේශ විනිම ඇමෙරිකානු ඩොලර් මිලියන 316 එමේ වසරේ ඒම කාලයට එය දෙගුණයක් වෙලා ඩොලර් මිලියන 666ක් බවට පත්වෙලා තියෙනවා. මහ බැංකුවේ ඉල්ලීම මත මේ ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තීරණයක් ගත්තා.
මේ බද්දත් අපි 2014ට වඩා ගෙවූ බද්දට වඩා අඩුයි. පසුගිය රජයේදී 1000CC වාහනයකට 150%ක බද්දක් රාජපක්ෂ රජය අයකළා.”

popular news
-
dinesh Thursday, 02 August 2018 05:03 PM
මිනිසුන් කුඩා වාහන මිලදී ගන්නේ කුඩා වාහනවලට තිබෙන ආසාවට නොවෙයි.ලොකු වාහන ගැනීමට තරම් විශාල මුදලක් නැති නිසයි.
Reply : 0 61
Nimal Thursday, 02 August 2018 05:22 PM
ඡන්දයට ඉස්සර කිව්වේ බයිසිකලේ යන යට කාර් දෙනවා කියලනේ. එකනේ මිනිසුන් ගෙනල්ල තියෙන්නේ.
Reply : 0 12
supun Friday, 03 August 2018 03:47 PM
ඔයත් අගමැතිතුමාටම ගැලපෙන චරිතයක් මහත්තයෝ.... මීළඟ මැතිවරණයකදී ඔයාලට ඇපත් නැතිවෙනවා.... ඒක තමා දුක..... පව් සේනානායක මහත්තය හදපු පක්ෂය......
Reply : 0 1
matara buva Monday, 06 August 2018 07:06 PM
වැස්සට නොතෙමි යන්න ටෝය් ජෝඩුවක් පෙන්නලා අපේ චන්දෙ අරන් ඔහේ මක්කෛ මේ දැන් කියන්නේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

