මුතුර් ප්‍රදේශයේ ඉක්බාල් නගර් කලපුව අසල ලඳු කැලෑවක අද (12දා) පස්වරුවේ සිදු වූ පිපිරීමකින් පාසල් සිසුවෙක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ බව පොලීසිය සඳහන් කරයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඇත්තේ මුතුර්, තෝපුර්, ඉක්බාල් නගර්හි පදිංචිව සිටි 15හැවිරිදි හාපිස් නලීම් නමැති පාසල් සිසුවෙකි.
තෝපුර් අල්- සිපා විද්‍යාලයේ 10වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ එම සිසුවා මෙම අනතුරට ලක්ව ඇත්තේ ඊයේ පස්වරුවේ නිවසේ ඇති කරන එළුවන්ට කෑම සඳහා කොළ අතු කපමින් සිටියදීය. ඔහු පිහියක් මගින් එම ස්ථානයේ ඇති කුඩා ශාක වර්ග මුල්වලින් ගැලවීමේදී මෙම පිපිරීම සිදුවී ඇත.
පිපිරීම සිදු වූ ස්ථානයේ යුද ගැටුම් සමයේ යුද හමුදා කඳවුරක් තිබී ඇති අතර, ගැටුම්වලින් පසුව එම කඳවුර ඉවත් කර ඇතැයි මූලික පරීක්ෂණවලදී සොයාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මුතුර් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ජී.අයි.යූ.කේ. සෝමනුවර මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
ත්‍රිකුණාමලය - චමෝද්‍යා නේත්‍රාංජලී අමරජීව