පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම ගැන පොලිස් නිලධාරීන් 9කට එරෙහිව පරීක්ෂණ
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් නීතිපතිවිසින් පොලිස් නිලධාරීන් 9 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා කළ නියම කිරීම අනුව එම පොලිස් නිලධාරින් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා පොලිස විශේෂ විමර්ශන ඒකකයට නියම කර ඇත.
නීතිපතිවරයා මේ බව ඊයේ වැඩබලන පොලිස්පතිවරයා දැනුම් දුන් අතර එම පරීක්ෂණ කරන ලෙස අද දිනයේදී වැඩබලන පොලිස්පතිවරයා ඉහත දෙපාර්තමේන්තු වෙත නියෝග කර තිබේ.
‘පාස්කු ඉරිදා’ බෝම්බ ප්‍රහාරය වළක්වාගැනීමට හා එම ප්‍රහාරයේ බලපෑම අඩු කරගැනීම සඳහා ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු ඇතුළු ඉහළම පොලිස් නිලධාරීන් නව දෙනෙකුට එරෙහිව අපරාධ හා විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපතිවරයා වැඩ බලන පොල්සිපතිවරයාට නියම කොට ඇත.
‘පාස්කු ඉරිදා’ බෝම්බ ප්‍රහාරය වළක්වාගැනීමට හා එම ප්‍රහාරයේ බලපෑම අඩු කරගැනීම සඳහා ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් අපරාධ හා විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියම කොට ඇත්තේ කොළඹ, වයඹ හා විශේෂ ආරක්ෂක දිසාව නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට, කොළඹ උතුර පොලිස් අධිකාරීවරයාට, මීගමුව කොට්ඨාස 03 සහ 04 සහකාර පොලිස් අධිකාරීවරුන්ට සහ කටාන හා ජම්පටා වීදීය පොලිස් ස්ථානාධිපතිවරුන්ට එරෙහිවය.
popular news
-
Champa Saturday, 22 June 2019 11:55 PM
මේකට සම්පූර්නයෙන්ම විරුද්ධයි. පොලිසියට මේ නිලධාරීන් ලොක්කෝ වුනාට රටේ ආරක්ෂාව පිලිබඳ තීරණ ගැනීමේ ලිස්ට් එකේ මේ නිලධාරීන් ඉන්නේ අන්තිම පහල. ඒ හින්ද පරීක්ෂණය පටන් ගන්න ඕනේ තීරණ ගැනීමේ බලය තියෙන ලිස්ට් එකේ මුල ඉඳන්. ඒ කියන්නේ ජනාධිපතිගේ අගමැතිගේ ආරක්ෂක ඇමතිගේ ඒ වෙනකොට රටේ හිටිය ඉහලම නායකයාගේ සිට පහලට. දේශපාලන නායකත්වයේ වැරැද්ද පොලිස් නිලධාරීන්ට වැරැද්ද පටවල ඒ මිනිස්සුන්ගේ රස්සාවල් නැති කරන්න හදන එක අන්තිම අසාධාරණයි. මේ තීරණයෙන් පෙන්වන්නේ නීතිය පිලිබඳ නීතිපතිට කිසිම අවබෝධයක් නැති බව සහ නීතිපති ඉන්නේ දේශපාලන නායකයන්ගේ සපත්තුව ඇතුලේ බව. ලැජ්ජයි, නීතිපතිතුමා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

