පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ පෙත්සම් විභාගයට හත් පුද්ගල විනිසුරු මඬුල්ලක්
පාර්ලිමේන්තු විසුරුවා හැරීමට එරෙහිව හා පක්ෂව ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරිම සඳහා හත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් පත්කර තිබේ.
අගවිනිසුරු නලීන් පෙරේරා මහතා විසින් මෙම හත් පුද්ගල විනිසුරු මඩුල්ල පත්කර ඇත. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ගත් තීරණයට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 13ක් හා එයට පක්ෂව පෙත්සම් 5ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් විය.
එම පෙත්සම් සළකා බැලීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවාහැරිමට අදාළව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් දෙසැම්බර් 7 දා තෙක් වළක්වාලමින් අතුරු තහනම් නිකුත් කර තිබේ.ආණ්ඩුව මෙම නඩුව විභාග කිරිම සඳහා පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉල්ලා සිටියේය.
එම විනිසුරු මඬුල්ල - අගවිනිසුරු නලීන් පෙරේරා, බුවනෙක අලුවිහාරේ, සිසිරද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

